පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-03-25
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සුරාබදු ආඥා පනත අනුව "පොල් රා" යන්නෙන් "පොල් ගසකින් බා ගන්නා පැසුණු හෝ නොපැසුණු යුෂ" යන්න අදහස් වේ.
(ii) පොල් රා සඳහා මේ දක්වා ප්‍රමිතියක් හඳුන්වා දී නොතිබූ අතර, මේ වන විට ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ තවත් අදාළ ආයතන ගණනාවක සහභාගිත්වය ඇතිව පොල් රා ඇතුළු රා වර්ග සඳහා ශ්‍රී ලාංකික ප්‍රමිතියක් හඳුන්වා දීමට අවශ්‍ය කටයුතු කරගෙන යනු ලැබේ.
(iii) ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් අභිනව ප්‍රමිතීන් හඳුන්වා දීමෙන් පසු ඒවා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරනු ඇත.
(iv) "මහ රා" (Fermented Toddy) යනු රා ලබා ගත හැකි කිසියම් ගසක් මැදීමෙන් නිපදවා ගනු ලබන යුෂ හෙවත් "මී රා" (Sweet Toddy) පැසීමට භාජන වීමෙන් පසු පත් වන ස්වභාවයයි.
(v) මහ රා සඳහා මේ දක්වා ප්‍රමිතියක් හඳුන්වා දී නොතිබූ අතර, මේ වන විට ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ තවත් අදාළ ආයතන ගණනාවක සහභාගිත්වය ඇතිව මහ රා ඇතුළු රා වර්ග සඳහා ශ්‍රී ලාංකික ප්‍රමිතියක් හඳුන්වා දීමට අවශ්‍ය කටයුතු කරගෙන යනු ලැබේ.
(vi) මහ රා, විවිධ රා වර්ග සඳහා දේශීය ප්‍රමිතීන් හඳුන්වා දීමට කටයුතු කරමින් පවතින අතර, එතෙක් රා තොගවලින් ලබා ගන්නා නිදර්ශක රජයේ රස පරීක්ෂක වෙත යවා ඒවායේ අඩංගු වන අම්ල ප්‍රතිශතය සහ එම රා තොගයෙහි අන්තර්ගතය හා එහි මද්‍යසාර ප්‍රතිශතය ආදී කරුණු සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් ලබා ගනු ලැබේ.
(ආ) (i) රාවල ප්‍රමිතිය නීර්ණය කිරීමේ වගකීම ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් දරනු ලබන අතර, එම ප්‍රමිතිය පරීක්ෂා කොට තහවුරු කිරීම මේ වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.
(ii) ඉහත 1 (අ) (vi)හි පිළිතුර මීට අදාළ වේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-04-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks