01

E   |     |  

 දිනය: 2021-02-23   පිළිතුර ලබා දී ඇත 

1356/2021: ආපසු හරවා යැවූ ආනයනය කළ ටින් මාළු: විස්තර

----

අසන ලද දිනය

2021-02-23

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලබාදී ඇති තොරතුරුවලට අනුව 2020 වර්ෂය තුළ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ටින් මාළු තොග ආපසු හරවා යැවීමට ශ්‍රී ලංකා රේගුව වෙත උපදෙස් ලබා දී ඇත.

              (ii)      ආපසු හරවා යැවීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිර්දේශ කරමින් ශ්‍රී ලංකා රේගුව වෙත දන්වන ලද දිනය සහ ප්‍රමාණය ඇමුණුම 01හි* දක්වා ඇත.

ආපසු හරවා යැවීමට හේතුව වන්නේ ටින් මාළු සඳහා වන ප්‍රමිතියේ නිර්දේශිත ආසනික් ප්‍රමාණය අනුකූල නොවීමයි.

(iii) ශ්‍රී ලංකා රේගුව විසින් ලබාදෙන ලද තොරතුරුවලට අනුව ආපසු හරවා යවන ලද ටින් මාළු තොග ආනයනය කරන ලද ආයතනවල නම් ඇමුණුම 02හි* දක්වා ඇත.

 

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-02-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුර දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks