පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
720/2020
ගරු ගයන්ත කරුණාතිලක මහතා,— රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2016 වර්ෂයෙන් පසු විශ්‍රාම ගැන්වූ විශ්‍රාමිකයන් සඳහා 2020.01.01 දින සිට වැඩිවීමට නියමිතව තිබූ සංශෝධිත වැටුප ගෙවීම අත්හිටවා ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) 2020 වර්ෂය සඳහා වන අතුරු සම්මත ගිණුම මඟින් එම වැඩිවීමට නියමිතව තිබූ සංශෝධිත වැටුප ගෙවනු ලබන්නේද;
(ii) එසේ නම්, එම වැටුප ගෙවීමට බලාපොරොත්තු වන දිනය කවරේද;
(iii) 2020.01.01 දින සිට ගෙවිය යුතු හිඟ වැටුපද ඔවුනට ගෙවීමට අපේක්ෂා කරන්නේද;
(iv) එම සංශෝධිත වැටුප ලබා දිය යුතු විශ්‍රාමිකයන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-01-05
අසන ලද්දේ
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් විෂමතා ඉදිරි අය වැයවලින් විසඳන තෙක් 2019.12.10 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 35/2019හි විධිවිධාන තාවකාලිකව අත්හිටුවා ඇති බව 2020.01.20 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 35/2019 (i) මඟින් නිවේදනය කර ඇත.
(ආ) (i) නැත.
(ii) ගෙවීම් සිදු කිරීම සඳහා රජය විසින් අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සලසන දිනකදී.
(iii) එය රජය විසින් ගනු ලබන තීරණය මත පදනම් වේ.
(iv) 100,869කි. (එක්ලක්ෂ අටසිය හැටනවයකි.)
(ඇ) ඉහත පිළිතුරු දී ඇති බැවින් පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-03-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රොෂාන් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks