පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
653/2020 ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) හම්බන්තොට එල්ලල රක්ෂිතය, හොරොව්පතාන රත්මලේ රක්ෂිතය සහ මහදිවුල්වැව අඩියාහින්න රක්ෂිතය ඇතුළු රක්ෂිත වනාන්තර කිහිපයක වන විනාශයන් සිදු කර තිබෙන බව එතුමා දන්නෙහිද? (ආ) (i) එසේ නම්, එම වන විනාශයන් සිදු කළ පුද්ගලයන්ට විරුද්ධව පියවර නොගැනිමට හේතු කවරේද; (ii) එම රක්ෂිතවල විනාශ කර ඇති වන භූමි ප්‍රමාණය හෙක්ටයාර්වලින් කොපමණද; (iii) මේ වනවිට වන විනාශය රැල්ලක් ලෙස ශ්‍රී ලංකාවේම ව්‍යාප්තවීමට හේතු කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-11-20
අසන ලද්දේ
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) 1. හම්බන්තොට එලල්ල ප්‍රදේශය
එල්ලල නමින් රක්ෂිත වනයක් නොමැත.
හම්බන්තොට දිසාවේ, හම්බන්තොට අඩවියේ, මිරිජ්ජවිල බීට්ටුවේ, එලල්ල වන ක්ෂේත්‍ර කොට්ඨාසයේ මෙම එලල්ල ප්‍රදේශය පිහිටා ඇති අතර, මෙම ප්‍රදේශය හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එලල්ල ග්‍රාම නිලධාරි වසමට අයත් වේ. හම්බන්තොට මීගහජදුර පාරේ ගිය විට මෙම ඉඩම හමුවේ. එලල්ල ප්‍රදේශය ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන අධිකාරියේ වලව විශේෂ බල ප්‍රදේශයට අයත් භූමි ප්‍රදේශයකි. එහි කැලෑ කොටස් තුළ මෙම එළි කිරීම් සිදු වී ඇත.
මෙසේ එළිකරනු ලබන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු පාලනයෙන් පරිබාහිරව පවතින අංක 137 දරන 1981.04.16 දිනැති ගැසට් පත්‍රය මඟින් මහවැලි සංවර්ධන අධිකාරියේ, වලව විශේෂ බල ප්‍රදේශය යටතට අයත් කැලෑ කොටස් බව කාරුණිකව දන්වා සිටිමි. (ඇමුණුම 01*)
2. හොරොව්පතාන රත්මලේ රක්ෂිතය
හොරොව්පතාන රත්මලේ රක්ෂිතය අනුරාධපුර දිසාවේ, කහටගස්දිගිලිය වන අඩවියට අයත් වේ. 2012.05.21 දිනැතිව ගැසට් අංක 1759/1 යටතේ රක්ෂිතයක් ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇත. (ඇමුණුම 02*)
හොරොව්පතාන රත්මලේ රක්ෂිතයේ 2020 වර්ෂයේ අනවසරයෙන් එළිකර ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර් 1.3කි. ඒ සම්බන්ධයෙන් විත්තිකරුවන් 04 දෙනෙකු සඳහා නඩු 04ක් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇත. එම නඩු 02ක් අවසන් අතර, නඩු 02ක් විභාග වෙමින් පවතී. දෙදෙනෙකුට රුපියල් 20,000.00 බැගින් දඩ නියම කර ඇත.
3. මහදිවුල්වැව ආඩියාගලහින්න රක්ෂිතය
මහදිවුල්වැව ආඩියාගලහින්න රක්ෂිතය ත්‍රිකුණාමලය දිසාවේ, ත්‍රිකුණාමලය වන අඩවියට අයත් වේ. රක්ෂිත වනයක් ලෙස 2012.11.12 දින අංක 1784/10 යටතේ ගැසට් කර ඇත. (ඇමුණුම 03*) මුළු ප්‍රමාණය හෙක්ටයාර් 3,055ක් වේ.
ඇමුණුම් 01, 02, 03 සභාගත* කරමි.
ආඩියාගලහින්න රක්ෂිතයට අදාළව 2013 වර්ෂයේ සිට මේ දක්වා හෙක්ටයාර 18.08ක් අනවසරයෙන් එළි පෙහෙළි කර ඇත. 2020 වර්ෂයේ අනවසර එළිකිරීම් හෙක්ටයාර් 13.08කි. මෙම වන අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 22ක් අත් අඩංගුවට ගෙන ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.
(ආ) (i) ඉහත (අ) හි දක්වා ඇත.
(ii) හොරොව්පතාන රත්මලේ රක්ෂිතය - හෙක්ටයාර් 1.3
මහදිවුල්වැව ආඩියාගලහින්න රක්ෂිතය -හෙක්ටයාර් 18.08
එකතුව -හෙක්ටයාර් 19.38
(iii) පිළිනොගනිමි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-12-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks