පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
602/2020 ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (අ) (i) පසුගිය “යහපාලන” රජය සමයේ රාජ්‍ය ආයතන තුළ සිදුවූ දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළව සිදුවූ බරපතල දූෂණ හා අක්‍රමිකතාවයන් ගණනාවක් පිළිබඳව විමර්ශනය කළ බව ජනමාධ්‍ය මගින් වාර්තා වූ බවත්; (ii) එම විමර්ශන අතර පිළිකා නාශක ඖෂධ මිලදී ගැනීමේ ටෙන්ඩර, ෆ්ලුක්ලොක්සයිලින් (flucloxacillin) නම් ප්‍රතිජීවක ඖෂධය මිලදී ගැනීමේ ටෙන්ඩරය හා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට අදාළව රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබඳ විමර්ශන පැවති බවත්; එතුමිය දන්නෙහිද? (ආ) (i) එම විමර්ශනවලදී හෙළිදරව් වූ තොරතුරු හා ඉහත සඳහන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ කවරේද යන්න පිළිබඳව සොයා බැලීමක් සිදුකර තිබේද; (ii) එසේ නම්, එම ජනාධිපති කොමිෂන් සභා වාර්තා අනුව ලබා දී ඇති නිර්දේශ කවරේද; (iii) එහිදී කවර පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කර තිබේද; (iv) එම නිර්දේශ පිළිබඳව අමාත්‍යාංශය විසින් ගනු ලබන ඉදිරි පියවර කවරේද; යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-12-10
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(ආ) (i), (ii), (iii), (iv) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී නොමැති ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට අදාළ ප්‍රශ්න සම්බන්ධව පිළිතුරු ලබා දීමට හැකියාවක් නොමැත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2020-12-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks