04

E   |     |  

 දිනය: 2020-11-05   පිළිතුර ලබා දී ඇත 

0559/2020: Progress of "Lagama Pasala-Hodama Pasala" project

559/2020 ගරු මයන්ත දිසානායක මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) පසුගිය රජය විසින් ආරම්භ කරන ලද “ළඟම පාසල - හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් ආරම්භ කරන ලද පාසල් ගොඩනැගිලි සංඛ්‍යාව දිස්ත්‍රික්ක අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද; (ii) එම එක් එක් දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති එක් එක් පාසල සඳහා ලබා දී ඇති ගොඩනැගිලි සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද; (iii) ඒ අතරින් වැඩ අවසන් කර තිබෙන ගොඩනැගිලි සංඛ්‍යාව කොපමණද; (iv) වැඩ අවසන් නොකරන ලද ගොඩනැගිලි සංඛ්‍යාව කොපමණද; (v) එම ව්‍යාපෘතිය සඳහා වියදම් වූ මුදල කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) මේ වනවිට එම ව්‍යාපෘතිය නතර කර තිබේද; (ii) එසේ නම්, ඒ සඳහා හේතු වූ කරුණු කවරේද; යන්නත් එතුමා මේ සභාවට දන්වන්නෙහිද?‍ (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-05

අසන ලද්දේ

ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)         දීර්ඝ විස්තරයක් තිබෙනවා. එය ඇමුණුම 1 හි සඳහන් වේ.

              (ii)       විස්තර සහිතයි.  ඇමුණුම 2 හි සඳහන් වේ.

             (iii)      2,030 කි.

             (iv)       640 කි.

              (v)       රුපියල් මිලියන 47,317කි. (රුපියල් මිලියන හතළිස්හත්දහස් තුන්සියදාහතකි)

(ආ)         (i)         නැත.

              (ii)       අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

ඇමුණුම් 1 සහ 2 සභාගත* කරමි.

 

පිළිතුරු දුන් දිනය

2020-12-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks