04

E   |     |  

 දිනය: 2020-12-10   පිළිතුර ලබා දී ඇත 

0522/2020: පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කිරි නිෂ්පාදනය: විස්තර

522/2020  ගරු අමරකීර්ති අතුකෝරළ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිටින කිරි ගොවීන් සංඛ්‍යාව හා ඔවුන් විසින් ඇතිකරනු ලබන කිරි එළ හා මී ගවයින් සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) දිස්ත්‍රික්කයේ වැඩිම කිරි ගොවීන් සිටින ප්‍රදේශ කවරේද; (ii) ඔවුන්ට රජයෙන් කිරි ගවයන් ලබා දී ඇත්නම්, එම සංඛ්‍යාව කොපමණද; (iii) අවසන් වරට එසේ, කිරි ගවයන් ලබා දුන් දිනය සහ ඔවුන් අතරින් මේ වනවිට ජීවත්ව සිටින සංඛ්‍යාව කොපමණද; (iv) කිරි ගවයන් පෝෂණය සඳහා රජයෙන් තෘණ භූමි ලබා දී තිබේ නම්, එම ප්‍රමාණය කොපමණද; (v) කිරි ගොවීන්ට ලබා දීමට තෘණ භූමි හඳුනාගෙන තිබේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) (i) ශ්‍රී ලංකාවේ සමස්ත දෛනික කිරි නිෂ්පාදනයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කිරි ගොවීන්ගේ දායකත්වය ප්‍රතිශතයක් වශයෙන් කොපමණද; (ii) දිස්ත්‍රික්කයේ කිරි ගවයන්ගෙන් දෛනිකව ගන්නා කිරි ප්‍රමාණය කොපමණද; (iii) එම කිරිවලින් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය / මිල්කො (ප්‍රයිවට්) ලිමිටඩ් මිලදී ගනු ලබන දෛනික කිරි ප්‍රමාණය සහ ලීටරයකට ගෙවන මිල කොපමණද; යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-12-10

අසන ලද්දේ

ගරු අමරකීර්ති අතුකෝරළ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)       පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලියාපදිංචි කිරි ගොවීන් සංඛ්‍යාව 11,859ක් පමණ වේ.

           එළ ගවයින් 69,580කි. එළ ගව ගොවිපොළ සංඛ්‍යාව 11,073කි.

           මී ගවයින් සංඛ්‍යාව 28,465කි. මී ගව ගොවිපොළ සංඛ්‍යාව 786කි.

 

 

ගොවිපොළ සංඛ්‍යාව

සතුන් සංඛ්‍යාව

එළ ගව

11,073

69,580

මී ගව

786

28,465

 

(ආ)          (i)      වැලිකන්ද, දිඹුලාගල, මැදිරිගිරිය, ලංකාපුර ප්‍රදේශ දිස්ත්‍රික්කයේ වැඩිම කිරි ගොවීන් පිරිසක් සිටින ප්‍රදේශ වේ.

              (ii)      රජයේ සියයට 50ක දායකත්වය යටතේ පසුගිය වර්ෂවල කිරි ගවයන් ලබා දී ඇත.

 

 

ලබා දුන් වර්ෂය

ලබා දුන් සතුන් සංඛ්‍යාව

2018

43

2019

37

2020

21

 

(iii) 2018, 2019, 2020 වර්ෂවල සියයට 50ක රජයේ දායකත්වය යටතේ ලබා දුන් කිරි ගවයින්ගෙන් 2019 වර්ෂයේදී ලබා දුන් එක් කිරි ගවයෙකු පමණක් මිය ගිය අතර, අනෙක් කිරි ගවයින් සියදෙනාම (100) ජීවත්ව සිටී.

 

ලබා දුන් වර්ෂය

දැනට සිටින සතුන් සංඛ්‍යාව

2018

43

2019

36

2020

21

 

(iv) රජයෙන් තෘණ භූමි ලබා දී නොමැත.

               (v)      කිරි ගොවීන් වෙත ලබා දීමට තෘණ භූමි හඳුනා ගෙන තිබේ.

                        ලංකාපුර පශු වෛද්‍ය කොට්ඨාසයේ සංඝබෝධිගම අක්කර 10ක භූමි ප්‍රමාණයක් තෘණ භූමි ලෙස ලබා දීමට ප්‍රාදේශීය ලේකම් වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

                        ලංකාපුර පශු වෛද්‍ය කොට්ඨාසයේ ඕනෑගම අක්කර 100ක භූමියක් ලබා දීමට ප්‍රාදේශීය ලේකම් වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

                        ලංකාපුපර පශු වෛද්‍ය කොට්ඨාසයේ විලයාමඩු (තඹාල) ප්‍රදේශයෙන් අක්කර 586ක් ලබා දෙන ලෙස ගොවීන් විසින් යෝජනා කර ඇත.

වැලිකන්ද පශු වෛද්‍ය කොට්ඨාසයේ කන්දකඩුව ප්‍රදේශයේ අක්කර 1,814ක භූමියක් තෘණ භූමි ලෙස භාවිතා කිරීමට ප්‍රාදේශීය ලේකම් විසින් නිර්දේශ කර ඇත.

පොළොන්නරුව පශු වෛද්‍ය කොට්ඨාසයේ අඹන් ගඟ, කළහගල, අළුත්වැව, බැදිවැව ප්‍රදේශයේ අක්කර 200ක ප්‍රමාණයක් තෘණ භූමි ලෙස ලබා දීමට ප්‍රාදේශීය ලේකම් වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

දිඹුලාගල පශු වෛද්‍ය කොට්ඨාසයේ මහදමන, ඉහළ ඇල්ල වැව, වලස්ගල, බඳනාගල හා 11 ඇළ ප්‍රදේශයේ ද සැලකිය යුතු භූමි ප්‍රමාණයක් හඳුනාගෙන ඇත.

පශු වෛද්‍ය කොට්ඨාසය

හඳුනාගත් ප්‍රදේශ

ප්‍රමාණය අක්කර

නිර්දේශය

ලංකාපුර

සංඝබෝධිගම

10

ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කර ඇත.

 

ඕනෑගම

100

ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කර ඇත.

 

විලයාඩිමඩු (තඹාල)

586

ගොවීන් විසින් යෝජනා කර ඇත.

වැලිකන්ද

කන්දකඩුව

1,814

ප්‍රාදේශීය ලේකම් විසින් නිර්දේශ කර ඇත.

පොළොන්නරුව

අඹන් ගඟ, කළහගල, අළුත්වැව, බැදිවැව

200

ප්‍රාදේශීය ලේකම් වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

දිඹුලාගල

මහදමන, ඉහළ ඇල්ල වැව, වලස්ගල, බඳනාගල හා 11 ඇළ

 

හඳුනාගෙන පමණක් ඇත.

(ඇ) (i) ශ්‍රී ලංකාවේ සමස්ත කිරි නිෂ්පාදනයෙන් 2018 වර්ෂයේදී සියයට 4.14ක දායකත්වයක්ද, 2019 වර්ෂයේදී සියයට සියයට 4.95ක දායකත්වයක්ද පොළොන්නරු දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

(ii) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කිරි ගවයින්ගේ දෛනික කිරි නිෂ්පාදන සාමාන්‍යය ලීටර 40,000ක් වේ.

(iii) එම කිරිවලින් නදෛනිකව ලීටර 8,790ක් පමණ මිල්කෝ ආයතනය විසින් මිලදී ගනී. ලීටරයක මිල රු.75.00ත් 80.00ත් අතර මිලක් කිරි ගොවියාට ගෙවනු ලැබේ. නෙස්ලේ, කාගීල්ස් වැනි කිරි සැකසුම් ආයතනයද ප්‍රාදේශීය කිරි සැකසුම් ආයතනද කිරි මිලදී ගැනීම් සිදු කරන බැවින්, දෛනිකව නිෂ්පාදනය කෙරෙන සියලුම කිරි අළෙවි කිරීම ක්‍රමවත්ව සිදු වේ. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් ගොවීන්ගෙන් කිරි මිලදී ගැනීම සිදු නොකරයි.

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2020-12-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks