01

E   |     |  

 දිනය: 2020-11-05   පිළිතුර ලබා දී ඇත 

0517/2020: හැඹිලි දැල් භාවිතයේ සීමා උල්ලංඝනය: විසඳුම්

517/2020 ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) ධීවර කර්මාන්තයේදී හැඹිලි දැල් භාවිතා කිරීම සඳහා යම් සීමාවකට යටත්ව අවසර දී ඇතත් ධීවරයින් එය නිසි අයුරින් භාවිතා නොකිරීම හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙරළ ආසන්නයේ ධීවර කර්මාන්තයේ යෙදෙන දේශීය ධීවරයින්ගේ ජීවනෝපායට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත්; (ii) මෙය පාලනය කිරීම අසීරු කාර්යයක් වී ඇති හෙයින් නව තාක්ෂණය භාවිතා කරමින් විසඳුම් ක්‍රියාත්මක කිරීම අනිවාර්යය වී ඇති බවත්; එතුමා දන්නෙහිද? (ආ) ඉහත ගැටලුව විසඳීම සඳහා ගනු ලබන ක්‍රියා මාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-05

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2020-12-02

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks