පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
480/2020
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති වාරිමාර්ග රක්ෂිතවල නම් කවරේද;
(ii) එකී රක්ෂිතවලට අයිති ඉඩම් ප්‍රමාණය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) අනවසර වගාකරුවන් විසින් එකී රක්ෂිතවලට අයත් ඉඩම් අත්පත් කරගෙන සිටින බව එතුමා දන්නෙහිද?
(ඇ) එකී අනවසර වගාකරුවන් ඉවත් කිරීමට අමාත්‍යාංශය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-20
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) රක්ෂිත 28ක් තිබෙනවා. ගරු මන්ත්‍රීතුමනි, ඒ නම් ටික ඇතුළත් ලේඛනය මා සභාගත කරන්නද?
ගරු කථානායකතුමනි, (අ) (i) පිළිතුර මා සභාගත* කරනවා.
*සභාමේසය මත තබන ලද ලේඛනය:
சபாபீடத்தில் வைக்கப்பட்ட ஆவணம் :
Document tabled:
1. බතලගොඩ ව්‍යාපාරය ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය
2. දැදුරු ඔය ව්‍යාපාරය ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය.
3. මාගල්ල ව්‍යාපාරය ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය.
4. හක්වටුනාඔය ව්‍යාපාරය ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය.
5. කුඹුල්වානා ඔය ව්‍යාපාරය ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය.
6. උස්ගල සියඹලන්ගමුව ව්‍යාපාරය ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය.
7. පාලුකඩවල ව්‍යාපාරය ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය.
8. ම ඩුල්ල අමුණ ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය.
9. කොස්පොතු ඔය ව්‍යාපාරය ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය.
10. වැලිකුඹුර අමුණ ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය.
11. මැඩියාව ව්‍යාපාරය ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය.
12. අත්තරගල්ල ව්‍යාපාරය ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය.
13. අඹකොළ වැව ව්‍යාපාරය ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය.
14. මාකදුර ව්‍යාපාරය ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය.
15. කිණියම ව්‍යාපාරය ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය.
16. වෙන්නෝරුව ව්‍යාපාරය ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය.
17. මහගල්ගමුව ව්‍යාපාරය ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය.
18. මොරතිඔය අමුණ ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය.
19. වෙල්ලන්ගිරිය ව්‍යාපාරය ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය.
20. කලුගල්ල ව්‍යාපාරය ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය.
21. මහ සියඹලන්ගමුව ව්‍යාපාරය ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය.
22. මහනාන්නේරිය ව්‍යාපාරය ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය.
23. හුළුගල්ල ව්‍යාපාරය ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය.
24. මැද්දෙකැටිය ව්‍යාපාරය ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය.
25. රිදීබැදී ඇල්ල ව්‍යාපාරය ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය.
26. දියතුරේ ව්‍යාපාරය ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය.
27. මොරගොඩ අමුණ ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය.
28. නිකපිටිය අමුණ ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතය.
(ii) ඉහත කී වැව් හා ඇළ රක්ෂිත විශාල සංඛ්‍යාවක වැව් රක්ෂිත සීමා සහ ඇළ රක්ෂිත සීමා සඳහා දෙපාර්තමේන්තුව මායිම් ගල් යොදා වෙන් කර ඇතත්, එක් එක් රක්ෂිත මායිම් තුළ ඇති නිශ්චිත ඉඩම් ප්‍රමාණය මැනීමක් සිදු කර නොමැත.
(ආ) ඔව්.
(ඇ) වැව් හා ඇළ රක්ෂිත සීමා උල්ලංඝනය කරමින් අනවසර වගාකරුවන් විටින් විට වගා හා සත්ව පාලන කටයුතුවලට ඇතුළුවීම් වාර්තා වූ වහාම එම අනවසර වගාකරුවන් ඉවත් කර රක්ෂිත ආරක්ෂා කර ගැනීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිරන්තරවම කටයුතු කරමින් පවතී.
උදා : වයඹ පළාතේ, නිකවැරටිය දිසා අධිකරණයේ අංක 121/ඉඩම් දරන නඩුව පවරා මේ වන විටත් විභාග වෙමින් පවතී.
ඉදිරියේදී ද අවශ්‍යතාව මත අධිකරණ ක්‍රියාමාර්ග ගනු ඇත.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-10-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks