logo

03

E   |     |  

 දිනය: 2020-10-20   පිළිතුර ලබා දී ඇත 

0477/2020: 2015-2020 දක්වා නිවාස ව්‍යාපෘති: හම්බන්තොට දිස්ත්‍රික්කය

477/2020

ගරු දිලිප් වෙදආරච්චි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      වර්ෂ 2015 සිට 2020 දක්වා ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)         (i)       වර්ෂ 2015 සිට 2020 දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආරම්භ කරන ලද  නිවාස ව්‍යාපෘති සංඛ්‍යාව;

(ii) ඒ අතරින් මේ වනවිට පදිංචිය සඳහා ලබා දී තිබෙන නිවාස ව්‍යාපෘති සංඛ්‍යාව;

(iii) මේ වන විට පදිංචිය සඳහා ලබා දී නොමැති නිවාස ව්‍යාපෘති සංඛ්‍යාව;

(iv) විදුලිය, ජලය සහ මංමාවත් පහසුකම් ලබා දී ඇති නිවාස ව්‍යාපෘති සංඛ්‍යාව; 

(v) විදුලිය, ජලය සහ මංමාවත් පහසුකම් ලබා දී නොමැති නිවාස ව්‍යාපෘති සංඛ්‍යාව;

කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2020-10-20

අසන ලද්දේ

ගරු දිලිප් වෙදආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්. සමස්ත නිවාස ව්‍යාපෘති සංඛ්‍යාව 2944.

(ආ)         (i)      333යි.

              (ii)      84යි.

             (iii)      249යි.

             (iv)      84යි.

              (v)      ඔව්. 249යි.

(ඇ)     අදාළ නැත.

පිළිතුරු දුන් දිනය

2020-10-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks