04

E   |     |  

 දිනය: 2020-11-19   පිළිතුර ලබා දී ඇත 

0455/2020: Wild Elephant threat to people in Medawachchiya Divisional Secretariat

455/2020 ගරු ඉෂාක් රහුමාන් මහතා,— වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පිළිවෙලින් අංක 225, 226 සහ 227 දරන ග්‍රාම නිලධාරි වසම්වල ජීවත්වන ජනතාව වන අලි තර්ජනය නිසා තමන්ගේ ඉඩකඩම් අතහැර වෙනත් ස්ථානවලට සංක්‍රමණය වන තත්ත්වයක් උදාවී ඇති බවත්; (ii) එම වසම්වල ජීවත්වන ජනතාව අලි වැටක් ඉදිකර දෙන ලෙස බලධාරින් දැනුවත් කළ ද මේ වනතෙක් ඊට විසදුමක් ලබා දී නොමැති බවත්; එතුමා දන්නෙහිද? (ආ) එසේ නම්, මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-19

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks