බලන්න

04

E   |     |  

 දිනය: 2020-11-03   පිළිතුර ලබා දී ඇත 

0452/2020: කැකිරාව නගරයේ ඉඩම්: ඔප්පු ලබාදීම

452/2020 ගරු ඉෂාක් රහුමාන් මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කැකිරාව නගරයේ දීර්ඝ කාලයක් තිස්සේ ව්‍යාපාර කරමින් වාසය කරන ව්‍යාපාරිකයන්ගේ ඉඩම්වලට හා ජනතාවගේ ඉඩම්වලට ඔප්පු නොලැබීම හේතුවෙන් ඔවුන් අසීරුතාවයට පත්වී ඇති බව ඔබතුමා දන්නෙහිද? (ආ) (i) එසේ නම්, ඉහත ඉඩම් සඳහා ඔප්පු ලබාදීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග; (ii) එම ක්‍රියාමාර්ගවල වර්තමාන ප්‍රගතිය; (iii) එම ඉඩම් සඳහා ඔප්පු ලබා දෙන දිනය; කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-03

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       පිළිගනිමි.

(ආ)         (i)      කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 628 - කැකිරාව නගරයට අදාළව ඉඩම් ඔප්පු ලබා දීම සඳහා 2019.12.13 වන දින ඉඩම් සමීක්ෂණ පවත්වා ඇත. එහිදී 2020.03.13 වන දිනට පෙර විරෝධතා ඉදිරිපත් කිරීමට දැන්වීම් පළ කළද, විරෝධතා නොමැති වූ හෙයින් පළාත් ඉඩම් කොමසාරිස්ගේ එන්සීපී/පීඑල්සී/එල්03/කැකි/03 ඉඩම් කච්චේරි හා 2020.07.31 දිනැති ලිපියෙන් ඉඩම් කච්චේරි පැවැත්වීම සඳහා අනුමැතිය ලබා දී ඇත.

(ii) 2020.08.21 දින ඉඩම් කච්චේරි පැවැත්වීමෙන් අනතුරුව බලපත්‍ර ලබා දීමට නිර්දේශිත නාම ලේඛනය කැකිරාව ප්‍රාදේශීය ලේකම් විසින් උතුරු මැද පළාත් ඉඩම් කොමසාරිස් වෙත 2020.10.05 වන දින යොමු කර ඇත.

(iii) ඉහත (ii)හි සඳහන් පරිදි උතුරු මැද පළාත් ඉඩම් කොමසාරිස් වෙත යොමු කර ඇති නිර්දේශිත නාම ලේඛනය අනුමත වීමෙන් පසු ඔප්පු සෑදීමේ කටයුතු කිරීමට නියමිතය.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2020-11-27

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks