01

E   |     |  

 දිනය: 2020-10-21   පිළිතුර ලබා දී ඇත 

0448/2020: Madrasa Schools

448/2020

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ මේ වනවිට ක්‍රියාත්මක වන මද්‍රසා පාසල් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම පාසල් පිහිටි ස්ථානවල ලිපිනයන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)     2019 වර්ෂයේදී සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙම මද්‍රසා පාසල් පිළිබඳ විශාල කතිකාවක් සමාජය තුළ ඇති වී තිබෙන බව එතුමා දන්නෙහිද?

(ඇ) (i) මෙම මද්‍රසා පාසල් නියාමනය කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර;

(ii) එම පාසල් සම්බන්ධව වත්මන් රජයේ ස්ථාවරය;

කවරේද යන්නත් එතුමා මෙම  සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-10-21

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks