බලන්න

E   |     |  

 දිනය: 2020-10-21   පිළිතුර ලබා දී ඇත 

0434/2020: ඩෙංගු මර්දනය: වැඩ පිළිවෙළ

434/2020

ගරු ශාන්ත බණ්ඩාර මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)      ඩෙංගු රෝගය විවිධ අවස්ථාවලදී ශ්‍රී ලංකාව තුළ වර්ධනය වන බව එතුමිය පිළිගන්නෙහිද?

(ආ)        (i)       2019 වසර තුළ ඩෙංගු රෝගය හේතුවෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව කොපමණද;

            (ii)       ඩෙංගු රෝගය මර්දනය සඳහා ජාතික හා ප්‍රාදේශිය වශයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;

(iii) ප්‍රාදේශිය ඩෙංගු මර්දන වැඩපිළිවෙළ සඳහා බඳවා ගත් කම්කරුවන් පිරිසක් සිටින බව පිළිගන්නේද;

(iv) එසේ නම්, ඔවුන්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීමට සැලැස්මක් තිබේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2020-10-21

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

(ආ)          (i)      2019 වසර තුළ ඩෙංගු රෝගය හේතුවෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව එකසිය පනස්හතකි. (157)

              (ii)      ඔව්. ඇමුණුම මඟින් දක්වා ඇත.

                        ඇමුණුම  සභාගත* කරමි.

              (iii)      ඔව්.

              (iv)      ඔව්.

(ඇ)      පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2021-04-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks