01

E   |     |  

 දිනය: 2020-10-20   පිළිතුර ලබා දී ඇත 

0433/2020: වන ඝනත්වය ඉහළ නැංවීම: ක්‍රියාමාර්ග

433/2020

ගරු ශාන්ත බණ්ඩාර මහතා,— වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිය ආරක්ෂා වීමට වනාන්තර දැඩි ලෙස උපකාරීවන බව එතුමා පිළිගන්නෙහිද?

(ආ)        (i)       ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින වන ඝනත්වය ප්‍රතිශතයක් ලෙස කවරේද;

            (ii)       ශ්‍රී ලංකාවේ පැවතිය යුතු වන  ඝනත්වය කවරේද;

(iii) අවශ්‍ය වන ඝනත්වය නොමැති නම්, එය සපුරා ගැනීමට වැඩපිළිවෙළක් සකස්කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2020-10-20

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

(ආ)         (i)      මේ වනවිට ශ්‍රී ලංකාවේ ස්වාභාවික වනාන්තර ප්‍රමාණය මුළු බිම් ප්‍රමාණයෙන් සියයට 29.2කි.

              (ii)      වැඩි වන ජනගහනය අනුවත්, ලක්බිමේ භූමි ප්‍රමාණය අනුවත් ක්‍රියා කිරීමට අවශ්‍ය වී ඇත. ඉදිරි වැඩ පිළිවෙළ ලෙස සියයට 35ක ඉලක්කයක් කරා යෑමට අපේක්ෂිතය.   

             (iii)      වන ආවරණය ඉහළ දැමීමේ ව්‍යාපෘතිය යටතේ හෙක්ටෙයාර 65,400ක නැවත වනාන්තර ඇති කිරීමට බලාපොරොත්තු වේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2020-10-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සී. බී. රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks