බලන්න

04

E   |     |  

 දිනය: 2020-12-10   පිළිතුර ලබා දී ඇත 

0424/2020: කුරුණෑගල-හබරණ දුම්රිය මාර්ගය: අවම හානි යටතේ ඉදිකිරීම

424/2020 ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) කුරුණෑගල - හබරණ දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී එම මාර්ගය නිශ්චය කර ගැනීම සඳහා මැනුම් 3ක් සිදුකර ඇති අතර ඉන් 3 වැනි මැනුමට අදාළව, මාර්ගය ඉදිකිරීමට තීරණය කර ඇති අතර බෙලිගමුව - ග‍ලේවෙල - දඹුල්ල කොටසේ ඉදිකිරීම්, ඉහළ ආර්ථික වටිනාකමකින් යුක්ත ඉඩම් හරහා සිදු වන නිසා වැඩි වන්දි ප්‍රමාණයක් ගෙවීමට සිදු නොවන්නේද; (ii) ඉහත දුම්රිය මාර්ගය ඉදිකිරීම නිශ්චය කර ගැනීම සඳහා කරන ලද තුන්වන මැනුම අනුව මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමට තීරණයකර තිබුනද එහි පළමු මැනුම අනුව ඉහත දුම්රිය මාර්ගය ඉදිකිරීමෙන් මෙම මාර්ගය ඉදිකිරීමේදී සිදු වන හානි අවම වී වන්දි ගෙවීමත් අවම නොවන්නේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-12-10

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      දුම්රිය මාර්ගය නිශ්චය කර ගැනීම සඳහා මැනුම් තුනක් සිදු කර නොමැත. සිදු කර ඇත්තේ ශක්‍යතා අධ්‍යයනය, පරිසරය අධ්‍යයනය සහ මූලික සැලසුම් සකස් කිරීම සඳහා අධ්‍යයනය යන අධ්‍යයන තුනක් පමණි. ක්ෂේත්‍රයේ මිනින්දෝරු මැනුමක් සිදුකර ඇත්තේ එක් වතාවක් පමණක් වන අතර, එම මැනුම සිදු කර ඇත්තේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසිනි.

                        එම මැනුමට අදාළව ඉඩම් අත්පත් කරගෙන ඇති අතර, විශේෂයෙන් බෙලිගමුව, ගලේවෙල හා දඹුල්ල යෝජිත දුම්රිය මාර්ග කොටසේ දැනට රජයට අත්පත් කර ගත් ඉඩම්වලින් සියයට 80ක ප්‍රමාණයක් කුඹුරු හා වතු ඉඩම් වේ. එබැවින් එම ඉඩම් කොටස් සාපේක්ෂ වශයෙන් වැඩි ආර්ථික වටිනාකමකින් යුත් ඉඩම් ලෙස සැලකිය නොහැකි බැවින් වැඩි වන්දි ප්‍රමාණයක් ගෙවීමට සිදු නොවේ.

(ii) මෙම මාර්ගය ඉදිකිරීම නිශ්චය කර ගැනීම සඳහා මැනුම් තුනක් සිදු කර නොමැති අතර, මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇත්තේ එක් මැනුමක් පමණි. එම මැනුමට අනුව දුම්රිය මාර්ගය ඉදි කිරීමට ඉඩම් අත්පත් කර ගැනීම සිදු කර ඇති බැවින්, වන්දි ගෙවීම රජයේ තක්සේරු වාර්තා අනුව සිදු කෙරේ.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2020-12-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගාමිණී ලොකුගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks