පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
423/2020
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) කුරුණෑගල - හබරණ දුම්රිය මාර්ගය ඉදිකිරීම පිළිබඳ වර්තමාන තත්ත්වය එතුමා මෙම සභාවට පැහැදිලි කරන්නෙහිද?
(ආ) (i) මෙම ව්‍යාපෘතියේ මාර්ගය නිශ්චය කරගැනීම සඳහා මැනුම් තුනක් සිදුකර තිබෙන බවත්;
(ii) එහි තුන්වන මැනුමට අනුව, මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමට තීරණය කර ඇති බවත්;
(iii) එම තුන්වන මැනුමට අනුව දඹුල්ල අතුපාරයාය ගම්මානය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත දුම්රිය ස්ථානය, පළමු මැනුමෙන් යෝජිත දුම්රිය ස්ථානය ඉදිකිරීමට නියමිතව තිබූ භූමියට වඩා නගරයට බෙහෙවින් දුරින් පිහිටා තිබෙන බවත්;
එතුමා දන්නෙහිද?
(ඇ) (i) තුන්වන මැනුමට අනුව අතුපාරයාය ගම්මානය ආශ්‍රිතව පිහිටුවීමට යෝජිත දුම්රිය ස්ථානය ඉදිකිරීමට නියමිත භූමිය ඉහළම ආර්ථික වටිනාකමකින් යුතු ඉඩමක්ද;
(ii) නොඑසේ නම්, වර්තමාන වෙළෙඳපල වටිනාකමට ගැලපෙන පරිදි වන්දි ගෙවීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-08
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) ඉදිකිරීම් සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කරමින් පවතී.
(ආ) (i) සිදු කර ඇත්තේ එක් මැනුමක් පමණි. දුම්රිය මාර්ග පථය තීරණය කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනය, පරිසර අධ්‍යයනය හා මූලික සැලසුම් සඳහා අධ්‍යයන තුනක් සිදු කර ඇත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ඇ) (i) මැනුම් කළ භූමිය ඉහළ ආර්ථික වටිනාකමකින් යුතු යැයි සැලකිය නොහැක.
(ii) වර්තමාන වෙළෙඳ පොළ වටිනාකමට ගැළපෙන පරිදි වන්දි ගෙවීමට කටයුතු කරනු ලැබේ. රජයේ තක්සේරුකරුගේ තක්සේරු වාර්තා පදනම් කර ගනිමින් වන්දි ගෙවීම් කටයුතු සිදු කරනු ලැබේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-10-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks