බලන්න

04

E   |     |  

 දිනය: 2020-10-08   පිළිතුර ලබා දී ඇත 

0418/2020: Residency Permits for squatters in old Kelani Valley railway lands - From Avissawella to Opanayaka

418/2020

ගරු වරුණ ලියනගේ මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කැළණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ අවිස්සාවේල්ල සිට ඕපනායක දක්වා වූ කොටසේ පසුගිය දශක 5කට ආසන්න කාලයක් තිස්සේ පදිංචි වී සිටින පදිංචිකරුවන්හට බදු  ඔප්පු හෝ වෙනත් නීතිමය හිමිකම්පතක් ලබා දී තිබේද;

(ii) එසේ නම්, එම සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) බදු ඔප්පු හෝ වෙනත් නීතිමය හිමිකම්පතක් හිමි නොවූ අනෙකුත් පදිංචිකරුවන් සහ ව්‍යාපාර ස්ථාන හිමිකරුවන් සඳහා ද බදු ඔප්පු ලබා දීමේ හැකියාවක් පවතීද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, එකී පදිංචිකරුවන් /ව්‍යාපාර ස්ථාන හිමිකරුවන් —

(i) සිය දරුවන් පාසලවලට ඇතුළත් කිරීමේදී;

(ii) සිය ව්‍යාපාර සඳහා ණය ලබා ගැනීමේදී;

(iii) ස්වභාවික විපත්වලට වන්දි ලබාගැනීමේදී;

ඇති වන ගැටලු සඳහා නිසි සාධාරණත්වයක් ඉටු කිරීමට ක්‍රමවේදයක් සැකසීමට බලාපොරොත්තු වන්නේද යන්න වැඩිදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-10-08

අසන ලද්දේ

ගරු වරුණ ලියනගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2010ට පෙර බදු ගිවිසුම් මඟින් රක්ෂිත කිහිපයක් පමණක් පරිහරණයට ලබා දී තිබූ නමුත්, මේ වන විට වලංගු ගිවිසුම් සහිත රක්ෂිත නොමැත.

              (ii)      අදාළ නොවේ.

(ආ)     ප්‍රවාහන ලේකම්ගේ අංක MT/02/02/01/01/12 හා 2018.02.26 දිනැති චක්‍රලේඛය අනුව කටයුතු කර, දෙවන බදු කමිටුවේ අනුමැතිය ලද පසු ගිවිසුම් ලබා දිය හැක.

(ඇ)     (i), (ii), (iii)  අදාළ නොවේ.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2020-10-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගාමිණී ලොකුගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks