01

E   |     |  

 දිනය: 2020-11-03   පිළිතුර ලබා දී ඇත 

0414/2020: රැඳවුම් නිවාසවල සිටින ළමයින්: විස්තර

414/2020 ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) වර්තමානයේදී, රැඳවුම් නිවාසවල (රිමාන්ඩ් නිවාසවල), සහතික කළ පාසල්වල, භාරගැනීමේ නිවාසවල සහ නිවර්තන නිවාසවල ආයතන ගතකර ඇති ළමයින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් ‍කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) ඉහත සඳහන් එක් එක් ආයතනයට අදාළව — (i) ළමයෙකු රැඳී සිටින සාමාන්‍ය කාල පරිච්ඡේදය; (ii) රජය විසින් එක් ළමයෙකු සඳහා වෙන් කරනු ලබන මුදල; (iii) අනුයුක්ත කර ඇති කාර්යමණ්ඩලවල කාණ්ඩ සහ මූලික සුදුසුකම්; (iv) කාර්යමණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාව සහ ළමයින් සංඛ්‍යාව අතර අනුපාතය; (v) ළමයින් නැවත ප්‍රජාව තුළ සමාජගත කිරීම සඳහා ගනු ලබන පියවර; (vi) මෙම ළමයින්ගේ සුභසිද්ධිය තහවුරු කිරීම සඳහා ගනු ලබන පියවර; (vii) මෙකී ආයතන අධීක්ෂණය කිරීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටි; කවරේද යන්නත් ද එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) 2015 සිට 2019 දක්වා කාල පරිච්ඡේදය තුළ — (i) ඉහත කී එක් එක් ආයතනයට ඇතුළු වූ සහ පිට වී ගිය; (ii) එකී ආයතනවලින් පිටව ගොස් නිසි වැටුප් සහිත රැකියාවන්හි නිරතව ප්‍රජාව තුළ සුරක්ෂිතව ජීවත්වන ළමයින් සංඛ්‍යාව; එතුමා වැඩිදුරටත් මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-03

අසන ලද්දේ

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්. අදාළ සියලු  විස්තර ඇමුණුම 01 යටතේ දක්වා ඇත.

(ආ)         (i)      ඇමුණුම 02 යටතේ දක්වා ඇත.

              (ii)      ඒ ඒ පළාත් සභා වැය ශීර්ෂ  මඟින් සම්මත කරගන්නා විධිවිධානවලට අනුව මුදල් වෙන් කරනු ලබන අතර, එම මුදල් ප්‍රමාණය පළාතෙන් පළාතට වෙනස් වේ.

             (iii)      විවිධ පළාත් සභා  විසින් විවිධ තනතුරු නාම  භාවිත කරන අතර, එම කාර්ය මණ්ඩල කාණ්ඩ හා මූලික සුදුසුකම් පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා මඟින් පනවා ඇත.

ඒකට නිදර්ශනයක් හැටියට දකුණු පළාත් සභා වාර්තාව ඇමුණුම 03 වශයෙන් මම ඉදිරිපත් කරනවා.

(iv) එවැනි සම්මත අනුපාතයක් ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් මෙතෙක් හඳුනාගෙන නැති අතර, පළාත් අනුව ආවේණික සම්මතයන් පවත්වාගනු ලැබේ.

(v) l විධිමත් හා නොවිධිමත් අධ්‍යාපනය ලබා දීම සිදු කරන අතර, වෘත්තීය පුහුණුව ලබා දී සුදුසු රැකියාවලට යොමු කිරීම.

  • දෙමව්පියන් හෝ භාරකරුවන්ගේ පවුල් පසුබිම හඳුනාගෙන ආර්ථික සහයෝගය, උපදේශන හා මඟ පෙන්වීම තුළින් දරුවන් නැවත පවුල්වලට අන්තර්ග්‍රහණය කිරීම.
  • කුල වැද්දීමට ලබා දීම.
  • සුදුසු සහකරුවන්/සහකාරියන් සොයා විවාහ කර දීම.

(vi) නේවාසික ළමුන්ගේ පවුල් පසුබිම, ආර්ථික හැකියාව, සමාජ වටපිටාව අනුව ළමයින් නැවත සිය පවුලට ලබාදීම හෝ වෙනත් විකල්ප රැකවරණයක් ලබාදීම සිදු කෙරේ.

නේවාසික කාල සීමාව තුළදී විධිමත් හා නොවිධිමත් අධ්‍යාපනය ලබාදීම, වෘත්තීය පුහුණුව, උපදේශනය හා සෞඛ්‍ය පහසුකම් ලබාදීම සිදු කෙරේ.

(vii) පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස්, ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරින් හා පරිවාස නිලධාරින් විසින් අධීක්ෂණය කරනු ලැබේ.

එසේම ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් ද අධීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

(ඇ) (i) ඇමුණුම 04හි අන්තර්ගතකොට ඇත.

(ii) ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හා එක්ව සංගණනයක් පවත්වා තොරතුරු ඒකරාශි කර දත්ත පද්ධතිය සකස් කිරීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇත.

(ඈ) අදාළ නොවේ.

ඇමුණුම් 01, 02, 03 සභා 04 සභාගත* කරමි.

—————————

*  පුස්තකාලයේ තබා ඇත.

*  நூல் நிலையத்தில் வைக்கப்பட்டுள்ளது.

*  Placed in the Library.

 

පිළිතුරු දුන් දිනය

2020-11-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks