පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-04-20
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නිල්වලා ගඟට අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් ගඟ අපිරිසිදු වීම සිදුවේ.
(ii) නිල්වලා ගඟෙහි ජලය බලකාවල, කද්දුව සහ නාදුගල යන ජල පොම්පාගාරවලින් ලබාගෙන පිරිපහදු කර දිස්ත්‍රික්කය පුරා බෙදා හරිනු ලබන බවත්, එම ජලය භාවිත කිරීමෙන් සෞඛ්‍ය තත්ත්වයට අහිතකර බලපෑමක් සිදු වී ඇති බවක් වාර්තා වී නොමැති බවත් මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්තා කර ඇත. මෙම තත්ත්වයට අමතරව ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට වන බලපෑම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පරීක්ෂා කළ යුතු වේ.
(iii) ජලයේ ගුණාත්මකභාවය රැක ගැනීම පිණිස නිල්වලා ගඟ දෙපස රක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අවශ්‍යතාවකි. ගංගා දෙපස පවත්වා ගත යුතු රක්ෂිත ප්‍රදේශ ස්ථාපිත කිරීම සිදු කරනුයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟිනි.
අපේ අමාත්‍යාංශයට නොවෙයි මේ නිල්වලා ගඟ සම්බන්ධ කාරණය අයිති වන්නේ. ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා කිව්ව කාරණය අපි පිළිගන්නවා. මේ කටයුත්ත වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් තමයි කරන්න ඕනෑ. අපි වාරිමාර්ග දෙපාර්තමේන්තුවට මේ කාරණය පිළිබඳ ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වනවා.
(ආ) (i) ඉහත (අ) (iii) අනුව, රක්ෂිත ප්‍රදේශ ස්ථාපිත කිරීම සම්බන්ධ කටයුතු වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් සිදු කළ යුතු වේ.
(ii) වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් තීරණය කළ යුතු වේ.
(ඇ) (i) 2016 වර්ෂය තුළ නිල්වලා ගඟට අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරිය වෙත වාර්තා වී නොමැති බව දන්වා ඇත.
(ii) ඉහත ඇ (i) අනුව අදාළ නොවේ.
(ඈ) ඉහත ඇ (i) අනුව පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-10-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks