පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
350/2020 ගරු මුජිබුර් රහුමාන් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) මේ වනවිට සහකාර පොලිස් අධිකාරි තනතුරේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද; (ii) පොලිස් කොස්තාපල් තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර දක්වා සහ සහකාර පොලිස් අධිකාරී තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු දක්වා වූ තනතුරුවල පුරප්පාඩු පවතින්නේද; (iii) එම තනතුරු සඳහා මෑතකදී කාලානුරූපී උසස්වීම් ලබා දීමේදී අනුගමනය කළ ක්‍රමවේදය කවරේද; (iv) ඉහත තනතුරු සඳහා උසස්වීම් ලබා දීමේදී එම තනතුරු සඳහා සිටිය යුතු අනුමත නිලධාරින් සංඛ්‍යාව සම්බන්ධයෙන් සළකා බැලුවේද? (v) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ ආවරණය කිරීම සඳහා මෑතකදී කාලානුරූපී උසස්වීම් ලබාදීමේදී එම තනතුරු සඳහා සිටිය යුතු අනුමත නිලධාරින් සංඛ්‍යාව නොසළකා එම ප්‍රමාණය ඉක්මවා වර්ෂ දෙක හමාරක සේවා කාලයක් ඇති නිලධාරින්ට උසස්වීම් ලබා දුන් ක්‍රමවේදය කවරේද; (vi) ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරී තනතුර දක්වා කාලානුරූපී උසස්වීම් ලබාදීමේදී, ඉහත (v)හි ක්‍රමවේදය අනුගමනය නොකිරීමට හේතු කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-11-05
අසන ලද්දේ
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks