පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
343/2020
ගරු මයන්ත දිසානායක මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වන විට ශ්‍රි ලංකාව තුළ අස්වද්දන ලද මුළු කුඹුරු ප්‍රමාණය;
(ii) ඒ අතරින් වගාවට යොදා ගෙන ඇති කුඹුරු ප්‍රමාණය;
කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකාව තුළ දැනට ඇති පුරන් කුඹුරු ප්‍රමාණය කොපමණද;
(ii) ඒවා වගාවන් සඳහා යොමු කිරිමට සැලැස්මක් ක්‍රියාත්මක වන්නේද;
(iii) ඒ සඳහා අවශ්‍ය කරන බීජ හා පොහොර නිසි පරිදි සැපයීමට ක්‍රියාත්මක වන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) වගාවට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර, සහන මිල ක්‍රමයකට ලබාදීමට සැලසුම්කර තිබේද;
(ii) කෘෂිකර්මාත්තය සඳහා තරුණ පරපුර යොමු නොවීම නිසා ඇති වී ඇති ශ්‍රම බලකාය අඩුවීම යථාවත් කිරීමට ආකර්ෂණීය සැලැස්මක් ක්‍රියාත්මක වන්නේද;
යන්න වැඩිදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-09-24
අසන ලද්දේ
ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අක්කර 1,752,751කි. (එක් මිලියන හත්ලක්ෂ පනස්දෙදහස් හත්සිය පනස්එක)
(ii) අක්කර 1,650,135කි. (එක් මිලියන හයලක්ෂ පනස්දහස් එකසියතිස්පහ)
(ආ) (i) අක්කර 102,616කි. (එක්ලක්ෂ දෙදහස් හයසියදාසයකි)
(ii) ඔව්.
(iii) ඔව්.
(ඇ) (i) ඔව්.
ගොවිජන සේවා මධ්‍යස්ථාන 562 කේන්ද්‍ර කර ගනිමින් කෘෂි සේවා යන්ත්‍රෝපකරණ සහන මිලකට ලබාදීමට සැලසුම් කර තිබේ. එක් මධ්‍යස්ථානයකට රුපියල් මිලියන 10ක කෘෂි යන්ත්‍රෝපකරණ ලබාදීමට නියමිතය.
ගරු මන්ත්‍රීතුමනි, ලංකාවේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 562ක් තිබෙනවා. අපි ලබන අවුරුද්දේ ඉඳලා ඒ ගොවිජන සේවා මධ්‍යස්ථාන 562කට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සියල්ල ලබාදෙන්න කටයුතු කරනවා. එක් මධ්‍යස්ථානයකට රුපියල් මිලියන 10 බැගින් ඒ සඳහා අපි ප්‍රතිපාදන වෙන් කරලා තිබෙනවා.
(ii) ඔව්.
1. ගොවිජන සංවර්ධන පනතට අනුව ක්‍රියාත්මක ඉඩම් බැංකුව මඟින් කෘෂිකර්මාන්තය සඳහා කැමැත්ත දක්වන තරුණ තරුණියන් ලියාපදිංචි කර වගා නොකරන කෘෂිකාර්මික ඉඩම්වල බුක්තිය ඔවුන් වෙත පැවරීම, කෘෂිකාර්මික කටයුතු සහ කෘෂි නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම, අලෙවිය සඳහා ගොවිජන බැංකුව මඟින් විශේෂ ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
2. කෘෂිකර්මය නවීන තාක්ෂණය උපයෝගි කරගනිමින් ඉහළ ගුණාත්මකභාවයකින් යුත් වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ හා යන්ත්‍රෝපකරණ ගොවිපල මට්ටමින් ලබා දීමට කටයුතු සිදුකෙරේ.
ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම තරුණ කොටස් කෘෂිකර්මාන්තයට යොමු කිරීම සඳහා අපි කටයුතු කරගෙන යනවා. ඔබතුමා දන්නවා, අපේ තරුණයන් සාමාන්‍ය ක්‍රමයට ගොවිතැන් කරන්න කැමැති නැති බව. ඔවුන් නවීන තාක්ෂණයත් එක්ක සම්බන්ධ කරලා තරුණ ගොවි හමුදාවක් හදලා වෙනම වැඩපිළිවෙළක් අපි කරගෙන යනවා.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-09-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks