04

E   |     |  

 දිනය: 2011-02-25   පිළිතුර ලබා දී ඇත 

0913/2011: Grade 1-Viharamahadevi Vidyalaya- Kiribathgoda

0913/’10 ගරු තිස්ස අත්තනායක මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ) 2010 වර්ෂයේදී කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමට පැවති සම්මුඛ පරීක්ෂණයෙන් පසුව පාසලට ඇතුළත් කරගත්, පොරොත්තු ලේඛනයේ සිටි හා පෙරොත්තු ලේඛනයේ සිට ඇතුළත්කර නොගත් එක් එක් ශිෂ්‍යාවගේ නම්, ලිපිනය හා ලබාගත් ලකුණු සංඛ්‍යාවන් වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2010 වර්ෂයේදී  අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ විශේෂ නියෝග මත එම පාසලට ඇතුළත් කළ ශිෂ්‍යාවන් 5 දෙනාගේ නම්, ලිපිනයන් හා ලබාගත් ලකුණු සංඛ්‍යාවන් සහ විශේෂ හේතුව කවරේද;

    (ii) 2010 ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ නියෝග මත අධ්‍යාපන ලේකම්වරයාගේ චක්‍රලේඛයට සම්පූර්ණයෙන් පටහැනිව විදුහල්පතිනිය විසින් ඇතුළත් කළ සම්මුඛ පරීක්ෂණයේදී අඩු ලකුණු ලැබූ ශිෂ්‍යාවන් 18 දෙනාගේ නම්, ලිපිනයන් හා ලකුණු සංඛ්‍යාවන් කවරේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

 (ඇ) ඉහත පරිදි අධ්‍යාපන ලේකම්වරයාගේ චක්‍රලේඛයට හා අමාත්‍යතුමාගේ ප්‍රතිපත්තිවලට පටහැනිව ළමුන් පාසලට ඇතුළත් කළ අමාත්‍යාංශ නිලධාරීන්ට හා විදුහල්පතිනියට විරුද්ධව අල්ලස් හා දූෂණ පනත හෝ වෙනත් නීතියක් යටතේ දඬුවම් කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

 (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2011-02-25

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks