01

E   |     |  

 දිනය: 2011-04-05   පිළිතුර ලබා දී ඇත 

0909/2011: Mr. A.M. Ismail

0909/’10

ගරු එම්. ටී. හසන් අලි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      සම්මන්තුරේ අංක 3, එම්. පී. සී. එස්. පටුමගේ, අංක 343/2 දරන ස්ථානයේ පදිංචි, ඒ. එම්. ඉස්මයිල් මහතා (උ.පො.කො. 20302) සම්මන්තුරේ පොලිස් ස්ථානයේ සිට පොතුවිල් පොලිස් ස්ථානයට අනුයුක්තකොට සේවයේ යෙදී සිටියදී සර්පයකු දෂ්ඨ කිරීමෙන් සේවයට වාර්තා කිරීමට නොහැකිවීම දැනුම්දීම ප්‍රමාදවීම හේතුකොටගෙන ඔහුගේ සේව‍ය අත්හිටුවන ලද බවත්;

    (ii) ඔහු නැවත සේවයේ පිහිටුවන ලෙසට ඉදිරිපත් කරන ලද අභියාචනා පිළිබඳව පරීක්‍ෂණ මේවන විට නිමවී ඇති අතර අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විසින් අංක එස්/2/1/380/09 හා 2009/06/05 දිනැති ලිපිය මඟින් නැගෙනහිර දිසාව (දකුණ) නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඉස්මයිල් මහතා නැවත සේවයේ පිහිටුවීමේ ලිඛිත නිර්දේශයක් ලබා දී ඇතත්, මෙතෙක් ඔහු නැවත සේවයේ පිහිටුවා නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එසේ නම්, සේවය අත්හිටවූ කාලයේ අපරාධ හෝ ත්‍රස්ත ක්‍රියාවල නොයෙදී, යහපත් හා චරිතවත් පැවැත්මෙන් සිටි ඉස්මයිල් මහතා 1998 වර්ෂයේ සිට ක්‍රියාත්මකවන පරිදි නැවත සේවයේ පිහිටුවීමට  පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑ‍සේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-04-05

අසන ලද්දේ

ගරු ගරු එම්. ටී. හසන් අලි මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks