බලන්න

04

E   |     |  

 දිනය: 2011-03-25   පිළිතුර ලබා දී ඇත 

0907/2011: Illicit Construction in Galle City

0907/’10

ගරු මොහමඩ් අස්ලම් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      නාගරික සංවර්ධන අධිකාරිය මගින් ගාල්ල නාගරික බල ප්‍රදේශය තුළ මේ වන විට හඳුනාගෙන ඇති  අනවසර හා නීති විරෝධී ඉදිකිරීම් සංඛ්‍යාව හා ඒවා පිහිටි ස්ථානයන් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) එම ඉදිකිරීම් අතුරින් ගාලු නගරයේ එක් අනවසර දෙමහල් ගොඩනැගිල්ලක උඩු මහලේ ආවරණය නොකරන ලද ගඩොල් බිත්තියක් වැසි ජලයෙන් දියවී කඩා වැටීමේ අවදානම් තත්වයක් මතුව ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ ගාලු දිස්ත්‍රික් අධ්‍යක්‍ෂ වෙත අංක 05/02/අන/පැ/44/62 හා 2010/02/09 දිනැතිව  බලාත්මක අධ්‍යක්‍ෂවරයා විසින් දන්වා ඇති බවත්;

(ii) ඒ පිළිබඳව පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) වෙත ගාල්ල නාගරික කොමසාරිස් විසින් ME/UA/2008/103 හා 2008/09/15 දිනැති ලිපි මගින් දන්වා ඇති බවත්;

(iii) මේ දක්වා එම අනවසර හා අනතුරුදායක ඉදිකිරීම් කොටස කඩා ඉවත් කිරීමට  පියවර ගෙන නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

 

(ඇ) ඉහත “අ” ඡේදයේ හඳුනාගත් අනවසර ඉදිකිරීම් සහ “ආ” ඡේදයේ සඳහන් අනවසර ගොඩනැගිල්ල පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරිය අනුගමනය කරන පිළිවෙත කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑ‍සේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-03-25

අසන ලද්දේ

ගරු ගරු මොහමඩ් අස්ලම් මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks