බලන්න

04

E   |     |  

 දිනය: 2020-11-04   පිළිතුර ලබා දී ඇත 

0255/2020: බෝපිටිය වතුයාය: විස්තර

255/2020 ගරු වේලු කුමාර් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) බෝපිටිය වතුයාය, මහනුවර දිස්ත්‍රික්කයේ, දෙල්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටි ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතුයායක් බව එතුමා දන්නෙහිද? (ආ) (i) 1992 දී රජය සතුව පැවති වතු ප්‍රතිසංස්කරණය කළ අවස්ථාවේදී මෙම වතුයායට අයත්ව තිබූ කොටස් (Divisions) සංඛ්‍යාව කොපමණද? (ii) එම කොටස්වල නම් කවරේද; (iii) එම වත්තේ සම්පූර්ණයෙන්ම වගා කළ භූමි ප්‍රමාණය කොපමණද; (iv) 2015 වර්ෂය වනවිට ඉහත වතුයායේ අතහැර දැමූ කොටස් තිබේද; (v) එසේ නම්, එම කොටස්වල මුළු බිම් ප්‍රමාණය කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) (i) 1992 සිට 2015 දක්වා, කාලයේදී මෙම වතුයායට අයත් ඉඩම් සහ ගොඩනැගිලි බාහිර පර්ශ්වයට / පුද්ගලික අංශයට ලබා දුන්නේද; (ii) එම විස්තර කවරේද; (iii) අවසන් වරට සිදුකළ ඉඩම් සංගණනයට අනුව වගා කළ ඉඩම් හා වගා නොකළ ඉඩම් ප්‍රමාණය කොපමණද; යන්නත් වෙන් වෙන් වශයෙන් දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-04

අසන ලද්දේ

ගරු වේලු කුමාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

(ආ)         (i)       කොටස් තුනයි.

              (ii)      1. බෝපිටිය

                        2.  මාවුස්සාව

                        3. නීලවල

             (iii)      හෙක්ටයාර 100.75 (තේ වගාවට පමණයි)

             (iv)      ඔව්. (ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට පවරා ඇත.)

              (v)      හෙක්ටයාර 55

(ඇ)         (i)       ඔව්.

              (ii)      බෝපිටිය තේ කර්මාන්තශාලාව එම්.ඊ.සී.සී. පුද්ගලික සමාගමට 2015 දී බදු දී ඇත.

(iii) වගා කළ ඉඩම් ප්‍රමාණය  - හෙක්ටයාර  104.00

වගා නොකළ ඉඩම් ප්‍රමාණය - හෙක්ටයාර 191.50

වෙනත්   - හෙක්ටයාර   25.50

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-01-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks