පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
250/2020
ගරු වේලු කුමාර් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) මහනුවර දිස්ත්‍රික්කයේ, තෙල්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් වෛතලාව වත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් “උදා ගම්මාන නිවාස වැඩසටහන“ ආරම්භ කර ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) එකී වැඩසටහන යටතේ ඉහත වත්තේ ආරම්භ කර ඇති —
(i) එක් එක් උදාගම්මාන නිවාස වැඩසටහන් සංඛ්‍යාව;
(ii) වැඩසටහනට ඇතුළත් නිවාස සංඛ්‍යාව;
වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) එක් නිවසක් ඉදිකිරීම සඳහා එක් එක් නිවාසලාභියාට —
(i) ලබාදෙන බවට එකඟවු මුළු මුදල;
(ii) ලබා දෙන මුළු මුදලින් ණය මුදල;
(iii) ලබා දෙන මුළු මුදලින් ආධාර මුදල;
(iv) මෙතෙක් ලබාදී ඇති මුදල;
වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) එක් එක් නිවාසලාභියාට අදාළ ඉතිරි මුදල ලබාදී මෙම ව්‍යාපෘතිය නිමකිරීමට පියවර ගන්නේද යන්න වැඩිදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-09-25
අසන ලද්දේ
ගරු වේලු කුමාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන හා නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) (i) නිවාස ව්‍යාපෘති 2ක් ආරම්භ කර ඇත.
(ii) ව්‍යාපෘතියේ නම නිවාස සංඛ්‍යාව
වෛතලාවත්ත 28
ආදීලෙච්චමිවත්ත 20
එකතුව 48
(ඇ) (i) රුපියල් මිලියන 0.5යි. (ලක්ෂ 5යි)
(ii) නැත. (ආධාර පමණි)
(iii) රුපියල් මිලියන 0.5යි. (ලක්ෂ 5යි)
` (iv) ඉහත (ආ) (ii) හි සඳහන් ව්‍යාපෘති 2 සඳහා මෙතෙක් ලබා දී ඇති මුළු මුදල රුපියල් මිලියන 5.28යි.
(ඈ) ඔව්.
භාණ්ඩාගාරය වෙත අදාළ අවිච්ඡේද වැඩසටහන්වල මුදල් අවශ්‍යතාව ලබා දී ඇත. අය වැය මඟින් අවිච්ඡේද වැඩසටහන් සඳහා මුදල් වෙන් කිරීමෙන් අනතුරුව ඉදිකිරීම් ප්‍රමුඛතාව අනුව මුදල් ලබා දීම සිදු කරනු ඇත.
(ඉ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-09-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks