පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0903/’10
ගරු මොහමඩ් අස්ලම් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අළුත්ගම, දර්ගා නගරය, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ අනුයුක්ත කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරන එම්. ආර්. එම්. සිල්මි මහතා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III වැනි පන්තියට අන්තර්ග්‍රහණය කිරීම සඳහා 2000/11/05 දින සම්මුඛ පරීක්‍ෂණයට ඉදිරිපත් වූ බවත්;
(ii) සුදුසුකම් සියල්ල සපුරා තිබුනත් කළුතර කලාප අධ්‍යාපන කාර්යාලයේ ඔහුගේ පෞද්ගලික ලිපි ගොනුව සම්පූර්ණ කර නොතිබීම සහ නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා ඒ මහතාට අපේක්‍ෂිත උසස්වීම නොලැබූ බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) අංක 82/2000 සහ 2000/08/24 දිනැති අමාත්‍ය මණ්ඩලයේ තීන්දුව අනුව උසස් වීම් ලැබීම සඳහා උපාධිලත් අනුයුක්ත කථිකාචාර්යවරයෙකු 2000/08/24 දිනට වසර 5ක සේවා කාලය සම්පූර්ණ කර තිබීමේ අවශ්‍යතාව, ශාස්ත්‍රපති උපාධිධාරියෙකු (M.A) වූ සිල්මි මහතා 2000/07/11 දිනය වන විටත් සම්පූර්ණ කර තිබූ බව එතුමා පිළිගන්නෙහිද?
(ඇ) එසේ නම්, සිල්මි මහතාට එකී උසස්වීම ලබා දීම තවදුරටත් ප්‍රමාද කිරීමට හේතු කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) 2000/12/08 දින සිට ක්‍රියාත්මකවන පරිදි සිල්මි මහතා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කොට, එම තනතුරට අදාළ වැටුප් තලය අනුව සියලු හිඟ වැටුප් සහ දීමනා නොපමාව ලබාදීමට පියවර ගන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-03-25
අසන ලද්දේ
ගරු ගරු මොහමඩ් අස්ලම් මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks