පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0900/’10
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා,— සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඌව ප්‍රාග්ධන සමූපකාර සමිතියේ (ඌව ප්‍රාග්ධන සමූපකාර බැංකුව) අධ්‍යක්ෂ මණ්ඩලය සමූපකාර පනතට අනුව පත් කර තිබේද;
(ii) එම අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීමේදී නීත්‍යානුකූලව කාරකසභා හා මහසභා රැස්වීම් පවත්වා තිබේද;
(iii) මෙම සමූපකාර සමිතියේ මහසභා රැස්වීම් පැවති ස්ථානය සහ දිනය කවරේද;
(iv) මෙම සමූපකාර සමිතියේ සිටින සාමාජිකයින් සංඛ්‍යාව කොපමණද;
(v) ඔවුන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඌව ප්‍රාග්ධන සමූපකාර සමිතියේ වත්මන් සභාපතිවරයාගේ හා අධ්‍යක්ෂ මණ්ඩලයේ නම් කවරේද;
(ii) එහි සාමාන්‍යාධිකාරිවරයාගේ සහ විධායක නිලධාරීන්ගේ නම් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) මෙම සමූපකාර සමිති බැංකුවේ හිටපු සභාපතිවරයා හා වත්මන් සභාපතිවරයා සහෝදරයන් බවත්;
(ii) මෙහි සාමාන්‍යාධිකාරිවරිය හිටපු සභාපතිවරයාගේ භාර්යාව බවත්;
(iii) මෙහි සිදුවී ඇති දූෂණ හා වංචාවන් පිළිබඳ විගණන වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ඈ) ඉහත (ඇ) (iii) හි සඳහන් විගණන වාර්තාව අනුව නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-03-23
අසන ලද්දේ
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks