02

E   |     |  

 දිනය: 2020-10-08   පිළිතුර ලබා දී ඇත 

0206/2020: Tank and Canals issue in Mannar

206/2020

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මන්නාරම දිස්ත්‍රික්කයේ ගොවිතැන් කටයුතුවලට අවශ්‍ය ජලය සපයන ප්‍රධාන ජලාශය කට්ටුක්කරෛ වැව බවත්;

            (ii)       මෙම වැව යටතේ පෝෂක වැව් 162ක් තිබෙන බවත්;

(iii) එම පෝෂක වැව්වල‍ට ප්‍රධාන ඇළ මාර්ග 10ක් මගින් ජලය සැපයෙන බවත්;

(iv) දීර්ඝ කාලයක් එම ඇළ මාර්ග 10 ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා වැව්වලට සපයන ජලය අපතේ යන බවත්;

(v) මේ නිසා වැවේ ජලය කුඹුරුවලට ලබාගැනීමට නොහැකිවීමෙන් බෝග විනාශ වන බවත්;

(vi) ‍ඉහත ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ මවිසින් ‍පාර්ලිමේන්තුවේ අවධානයට ‍යොමු කිරිමෙන් අනතුරුව, ඇළ මාර්ග 5ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 2019.06.06 දින රු.95,288,568.42ක් එවක පැවති රජය විසින් වෙන්කළ බවත්;

(vii) එම ඇළ මාර්ගවල වැඩ ආරම්භ කිරීමට නියමිතව තිබියදී නව රජයක් පත්වූ බැවින් වැඩ ආරම්භ නොකර නවතා ඇති බවත්;

එතුමා දන්නෙහිද?‍

(ආ) එසේ නම්, වගා කටයුතු නිසිපරිදි සිදු කිරීමට මග සලසනු ලබන මෙම ඇළ මාර්ගවල ප්‍රතිසංස්කරණ ක‍ටයුතු ආරම්භ කරනු ලබන දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-10-08

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)      ඔව්.

              (ii)      ඔව්.

             (iii)      ඔව්.

             (iv)      ඇළ මාර්ගවල අත්‍යවශ්‍යම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ජලය අපතේ යෑමකින් තොරව ගොවිතැන් කටයුතු සඳහා ජලය සපයනු ලබයි.

              (v)      වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සංවිධාන සහ ව්‍යාපෘති කළමනාකරණ කමිටු සහභාගිත්වයෙන් නිසි ජල කළමනාකරණයකින් ජලය සපයන බැවින් මෑත කාලයේදී බෝග  විනාශ වීමක් සිදු වී නොමැත.

(vi) මෙම ප්‍රතිපාදන මුදල දිස්ත්‍රික් ලේකම් (මන්නාරම) කාර්යාලය වෙත ලබා දී ඇත.

(vii) වාරිමාර්ග අධ්‍යක්ෂ (මන්නාරම) විසින් අදාළ වැඩ සඳහා ඇස්තමේන්තු සකස් කර ලංසු පත් ද කැඳවා අදාළ ඇගයීම් සිදු කර කොන්ත්‍රාත්තු ලබා දීමට තිබියදී මුදල් අමාත්‍යාංශය විසින් කරන ලද දැනුම් දීමට අනුව දිස්ත්‍රික් ලේකම් (මන්නාරම) විසින් සිදු කරන ලද අංක MN/GA/PL/SA/Dev. Pro-meeting 2019 හා 2019.11.21 දිනැති ලිඛිත දැනුම් දීම පරිදි මෙම කටයුතු නවතා ඇත.

(ආ) අදාළ ප්‍රතිපාදන ලද පසු ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ හැක.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2020-10-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks