පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
204/2020
ගරු මුජිබුර් රහුමාන් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) හෘදය සැත්කම් සිදු කර ගැනීම සඳහා රෝගීන් දහස් ගණනක් වසර ගණනාවක් තිස්සේ රජයේ රෝහල්වල පොරොත්තු ලේඛනයේ සිටින බවත්;
(ii) ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි පෞද්ගලික රෝහල්වලින් එම සැත්කම් සිදු කර ගැනීම සඳහා රුපියල් මිලියන ගණනක් දැරීමට සිදු වන බවත්;
එතුමිය දන්නෙහිද?
(ආ) එසේ නම් —
(i) පසුගිය වසර පහක කාලය තුළදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ හෘද ආශ්‍රිත රෝග සංඛ්‍යාව කොපමණද;
(ii) හෘදය සැත්කම් සිදු කර ගැනීම සඳහා පසුගිය වසර පහක කාලය තුළදී රජයේ රෝහල්වල ලියාපදිංචි වී ඇති රෝගීන් සංඛ්‍යාව කොපමණද; සහ
(iii) එසේ ලියාපදිංචි වූ රෝගීන් සඳහා පසුගිය වසර පහ තුළදී වාර්ෂිකව සිදු කරන ලද සැත්කම් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමිය මෙම සභාවට දැනුම් දෙන්නෙහිද?
(ඇ) (i) වර්තමානයේදී අනුගමනය කරනු ලබන ක්‍රමවේදය පිළිබඳව රජය සෑහීමකට පත්වන්නේද; සහ
(ii) දැනට පවත්නා මෙම තත්ත්වය වැඩිදියුණු කර ගැනීම පිණිස ඒ සම්බන්ධයෙන් සිදු කර ඇති ප්‍රධාන නිරීක්ෂණ සහ නිර්දේශ කවරේද;
යන්නත් එතුමිය මෙම සභාවට දැනුම් දෙන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-09-22
අසන ලද්දේ
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(ආ) (i) වර්ග 19කි.
(ii) 97,268කි.
(iii)
|
වර්ෂය |
සිදු කරන ලද සම්පූර්ණ සැත්කම් සංඛ්‍යාව |
|
2015 |
3,999 |
|
2016 |
4,239 |
|
2017 |
4,586 |
|
2018 |
4,716 |
|
2019 |
4,958 |
(ඇ) (i) නැත.
(ii) * මානව සම්පත් හා අනෙකුත් පහසුකම් ලබා දෙමින් රජයේ රෝහල්වල හෘද සැත්කම් ඒකක සංඛ්‍යාව වැඩි කර එමඟින් කරනු ලබන හෘද සැත්කම් ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කිරීම.
* රෝහල්වල ශල්‍යාගාර ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය රෝහල් රාජකාරි වේලාවන් තුළදී පමණක් වන බැවින්, දැනටමත් කරාපිටිය ශික්ෂණ රෝහලේ රාජකාරි වේලාවෙන් පරිබාහිරවද හෘද සැත්කම් සිදු කරනු ලබන අතර අනෙකුත් රෝහල්වලද එසේ කිරීමට අපේක්ෂා කෙරේ.
* ජනාධිපති අරමුදලේ මූල්‍යමය දායකත්වයද ලබා ගනිමින් පොරොත්තු ලේඛනයේ දීර්ඝ කාලයක් රැඳී නොසිට නිර්ණායක මත හඳුනාගත් පෞද්ගලික රෝහල්වල ශල්‍යාගාර යොදා ගනිමින් සැත්කම් සිදු කිරීමට වැඩ පිළිවෙළක් සකස් කරනු ලැබේ.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2020-12-01
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks