02

E   |     |  

 දිනය: 2011-02-24   පිළිතුර ලබා දී ඇත 

0899/2011: Cirrhosis on Alchol consumption

0899/’10

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ) මත්පැන් බී රෝගී වූ අයෙකුට රජයේ රෝහලකට ඇතුළුවීමේදී මුදල් අයකරනු ලබන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

 (ආ) ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ මධ්‍යසාර අඩංගු අරිෂ්ඨ වර්ග හා කංසා අඩංගු ඖෂධ වර්ග ප්‍රතිකාර සඳහා භාවිතා කරන අතර දිගුකාලීනව එවැනි ප්‍රතිකාර ලබා ගැනීම හේතුවෙන්ද මත්පැන් භාවීතය නිසා ඇති වන ෂිරෝසිස් නැමැති රෝගී තත්වය ඇතිවන බව එතුමා දන්නෙහිද?

(ඇ) (i) කිසියම් පුද්ගලයෙකුට ෂිරෝසිස් නැමැති රෝගී තත්වය ඇතිවී ඇත්තේ මත්පැන් බීමේන්ද නැතහොත් ඉහත සඳහන් පරිදි ආයුර්වේද ප්‍රතිකාර නිසාද යන්න වෙන් කර හඳුනාගැනීමට පිළිගත් ක්‍රමවේදයක් තිබේද;

     (ii) එසේ නම් එම ක්‍රමවේදය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2011-02-24

අසන ලද්දේ

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks