02

E   |     |  

 දිනය: 2020-10-09   පිළිතුර ලබා දී ඇත 

0187/2020: කිළි/කිළිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලය: අඩුපාඩු

187/2020

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ, කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ,       කිළි / කිළිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලය නමැති පාසලක් පවතින බවත්;

             (ii)       කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ ඇති ජාතික පාසල් දෙකෙන් එකක් වූ ඉහත විද්‍යාලයෙහි පහළ අධ්‍යාපන තත්ත්වයක්, ගුරු/සේවක පුරප්පාඩු, ගෘහභාණ්ඩ/ගොඩනැගිලි සහ සම්පත් හිඟකම් ඇතුළු අඩුපාඩු රාශියක් පවතින බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) මෙම පාසලට අවශ්‍ය ගොඩනැගිලි සහ ගෘහභාණ්ඩ ලබා දෙන දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) ඉහත විද්‍යාලයෙහි විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, ගුරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ එක් එක් තනතුරුවල විස්තර කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) ඉහත විද්‍යාලයෙහි අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු පැවතියද, මේ දක්වා එකී පුරප්පාඩු පිරවීම සඳහා පියවර නොගැනීමට හේතුව කවරේද යන්න වැඩිදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඉ) උක්ත පුරප්පාඩු පිරිවීමකින් තොරව සිසුන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කළ නොහැකි බව එතුමා පිළිගන්නෙහිද?

(ඊ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-10-09

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      අඩුපාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරමින් සිටී.

(ආ)     ඔව්.

           2019 වර්ෂයේදී ද්විතීයික අංශයේ ගුණාත්මක යෙදවුම් සඳහා රු.52,000.00ක මුදලක් ලබා දී ඇති අතර, 2020 වර්ෂය සඳහා මෙම විද්‍යාලයට පාසල් පාදක ඉගෙනුම් ප්‍රවර්ධන ප්‍රදාන යටතේ රුපියල් ලක්ෂයක් ලබා දී ඇත.

           මූලික කටයුතු ආරම්භ කර ඇති ශ්‍රවණාගාරයේ සහ ආපන ශාලාවේ ඉදිකිරීම් කටයුතු ජාතික අය වැය චක්‍රලේඛ  අංක 05/2020 මඟින් පනවා ඇති සීමා ඉවත් කළ වහාම ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබේ.

(ඇ) ඔව්.

ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.

එම ඇමුණුම ගරු මන්ත්‍රීතුමාටත් ලබා දෙන්නම්.

(ඈ) වාර්ෂික ස්ථාන මාරුවීම්වලින් සහ නව බඳවා ගැනීම්වලින් අදාළ පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා කටයුතු කරනු ලැබේ.

(ඉ) පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරමින් සිටී.

(ඊ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2020-10-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks