04

E   |     |  

 දිනය: 2020-10-08   පිළිතුර ලබා දී ඇත 

0186/2020: Details of Mulangavil school in Kilinochchi

186/2020

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ, පූනකරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කිළි/ මුලංගාවිල් මහා විද්‍යාලය නමැති පාසලක් පවතින බවත්;

             (ii)       කිළිනොච්චියේ ඇති ජාතික පාසල් දෙකෙන් එ‍කක් වූ ඉහත විද්‍යාලයෙහි පහළ අධ්‍යාපන තත්ත්වයක්, ගුරු/සේවක පුරප්පාඩු, ගෘහභාණ්ඩ/ගොඩනැගිලි සහ සම්පත් හිඟකම් ඇතුළු අඩුපාඩු රාශියක් පවතින බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) මෙම පාසලට අවශ්‍ය ගොඩනැගිලි සහ ගෘහභාණ්ඩ ලබා දෙන දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) ඉහත විද්‍යාලයෙහි විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, ගුරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ එක් එක් තනතුරු පිළිබඳ විස්තර කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) ඉහත විද්‍යාලයෙහි සුළු සේවක පුරප්පාඩු 17ක් පැවතියද, මේ දක්වා එකී පුරප්පාඩු පිරවීම සඳහා පියවර නොගැනීමට හේතුව කවරේද යන්න වැඩිදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඉ) උක්ත පුරප්පාඩු පිරවීමකින් තොරව සිසුන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කළ නොහැකි බව එතුමා පිළිගන්නෙහිද?

(ඊ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-10-08

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ඔව්.

              (ii)      අඩුපාඩු සම්පූර්ණ කිරීමට දැනටත් කටයුතු කරමින් සිටී.

(ආ)     ඔව්.

                        2019 වර්ෂයේ දී ද්විතීයික අංශයේ ගුණාත්මක යෙදවුම් සඳහා රුපියල් 52,000ක මුදලක් ලබා දී ඇති අතර 2020 වර්ෂය සඳහා මෙම විද්‍යාලයට පාසල් පාදක ඉගෙනුම් ප්‍රවර්ධන ප්‍රදානය යටතේ රුපියල් මිලියනයක් ලබා දී ඇත.

ලංසු කැඳවා ඇති තෙමහල් ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් සහ ආපන ශාලා ඉදිකිරීමේ කටයුතු ජාතික අය වැය චක්‍රලේඛ අංක 15/2020 මඟින් පනවා ඇති සීමාවන් ඉවත් කළ වහාම ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබේ.

(ඇ) ඔව්.

 

ඇමුණුමෙහි සඳහන් කර ඇත.  ඇමුණුම සභාගත* කරමි.

 

*සභාමේසය මත තබන ලද ඇමුණුම:

   சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :

   Annex tabled:

 

කිළි/මුළංගාවිල් මහා විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල තොරතුරු

 

තනතුරු නාමය

සේවය (දැනට සේවයේ යෙදී සිටින නිලධාරින්ගේ සේවය)

අනුමත තනතුරු ගණන

සේවයේ යෙදී සිටින ගණන

පුරප්පාඩු ගණන

විදුහල්පති

ශ්‍රී ලංකා විදුහල්පති සේවය 2

01

01

0

නියෝජ්‍ය විදුහල්පති

ශ්‍රී ලංකා ගුරු සේවය 3-1 (අ)

01

01

0

සහකාර විදුහල්පති

ශ්‍රී ලංකා ගුරු සේවය 2-1

02

0

02

උපගුරු

ශ්‍රී ලංකා ගුරු සේවය

77

43

34

සංවර්ධන නිලධාරි/ කළමනාකරණ සහකාර/ ‍ලේඛන සහකාර

 

04

0

04

පුස්තකාල සේවක

ප්‍රාථමික ශිල්පී නොවන

01

0

01

රසායනාගාර සේවක

 

04

-

04

පාසල් කම්කරු

 

04

0

04

මුරකරු

 

02

01

01

සනීපාරක්ෂක කම්කරු

 

01

01

0

 

(ඈ)     ඔව්.

           වාර්ෂික ස්ථාන මාරුවලින් හා නව බඳවා ගැනීම්වලින් පුරප්පාඩු සම්පූර්ණ කිරීමට ඉදිරියේ දී කටයුතු කරනු ලැබේ.

(ඉ)      පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරමින් සිටී.

           දැනටමත් සැලසුම් හදලා තිබෙනවා. අමාත්‍යාංශ හරහා දැනටමත් ඒවා කඩිනමින් ක්‍රියාත්මක කරමින් යනවා.

(ඊ)       අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2020-10-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks