04

E   |     |  

 දිනය: 2021-01-07   පිළිතුර ලබා දී ඇත 

0185/2021: කිලිනොච්චි තමිල්චෝලෛ විද්‍යාලය: නම වෙනස් කිරීම

185/2020

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      කිලිනොචිචිය දිස්ත්‍රික්කයේ, තමිල්චෝලෛ විද්‍යාලය නමින් පාසලක් ක්‍රියාත්මක වූ බව දන්නේද;

             (ii)      එසේ නම්, එම පාසල ආරම්භ වූ දිනය කවරේද;

            (iii)      ඉහත තමිල්චෝලෛ විද්‍යාලයෙන් අවසන්වරට අ.පො.ස. (සා/පෙළ) විභාගයට සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සිසුන් ඉදිරිපත් වූ වර්ෂය වෙන් වෙන් ව‍ශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මේ වනවිට ඉහත සඳහන් පාසල හඳුන්වනු ලබන නම කවරේද;

(ii) දැනට මෙම පාසල සඳහා භාවිතා වන නම කවුරුන් විසින් කවර හේතුවක් නිසා කව‍ර දිනයක වෙනස් කරනු ලැබුවේද; 

(iii) මෙලෙස නම වෙනස් කිරීම මඟින් මෙම පාසලෙහි නිර්මාතෘවරයා හෝ ස්ථාපනය කළ පුද්ගලයා යන නම ලබා ගැනීමට යමෙකුට හැකියාව තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2021-01-07

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්. කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ, කිලිනොච්චිය අධ්‍යාපන කලාපයේ තමිල්චෝලෛ විද්‍යාලය නමින් පාසලක් ක්‍රියාත්මක වේ.

              (ii)      එම පාසල ආරම්භ වූයේ 2007 වර්ෂයේ ජනවාරි මස 10වැනි දින වේ.

             (iii)      ඔව්. 2010 වර්ෂයේදී මෙම පාසලේ අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් අවසන් වරට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දී ඇති අතර, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා ද සිසුන් අවසන්වරට මුහුණදී ඇත්තේ 2010 වර්ෂයේදීය.

(ආ) (i) වර්තමානයේදී මෙම පාසල හඳුන්වනු ලබන්නේ කිලිනොච්චිය විවේකානන්ද විද්‍යාලය වශයෙනි.

(ii) මව්පියන්ගේ ඉල්ලීමක් මත පාසල් සංවර්ධන සමිතිය මඟින් යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. එය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් නිර්දේශකරන ලද අතර 2010.10.05 දින දරන ස්ථාවර නියෝග අංක 50 මඟින් ව්‍යුහ කමිටුවේ තීරණය හරහා උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විසින් 2010.11.22 සිට ක්‍රියාත්මක වන පරිදි අනුමත කර ඇත.

(iii) ඔව්.

මේ ආකාරයෙන් නම වෙනස් කිරීමේ ක්‍රමවේදයක් පවතී. පියවරෙන් පියවර කුමක්ද කළ යුත්තේ කියලා, ඒ සම්බන්ධයෙන් පැහැදිලි ක්‍රමවේදයක් තිබෙනවා. ඒ  අනුව උතුරු පළාතේ පාසල්වල නම වෙනස් කිරීමේ හා පාසල් වැඩිදියුණු කිරීමේ ක්‍රියා පටිපාටි පහත පරිදි වේ.

· පාසලක නම හෝ ශ්‍රේණිය වෙනස් කිරීම සඳහා වන නිර්දේශ ලෙස, පාසල් සංවර්ධන සමිතිය විසින් වෙනත් ප්‍රජා පාදක සංවිධානයක් සමඟ අධ්‍යාපන කටයුතු සඳහා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ හරහා -ඒ නිලධාරින් තිදෙනාම හරහා- උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කළ යුතුය.

· මෙම යෝජනාව සමාලෝචනය කිරීම සඳහා කලාපයේ, පළාතේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ -ඒත් මට්ටම් තුනකින්- සැලසුම් අංශයේ ව්‍යුහාත්මක කමිටුවක් ඇති අතර අවසානයේ ඔවුන්ගේ නිරීක්ෂණ හා නිර්දේශ සමඟ උතුරු පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙත නිර්දේශ කරනු ලැබේ.

· අදාළ නිර්දේශ මත පදනම්ව, නිසි පරිදි නිර්දේශිත පාසලේ නම වෙනස් කිරීම හෝ ශ්‍රේණිගත කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් විසින් ලබා දෙන ලදී.

ගරු කථානායකතුමනි, පියවරින් පියවර අනුගමනය කරන ක්‍රියා පටිපාටිය ඒකයි. ඒ අනුව තමයි අපි කටයුතු කර තිබෙන්නේ.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2021-01-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks