පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
180/2020
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,— වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) කිළිනොච්චි නගරය මැද පිහිටා ඇති සීමාසහිත ලංකා සතොස වාණිජ ගොඩනැගිල්ල නිසි අනුමතියකින් තොරව ඉදිකර ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) එම ගොඩනැගිල්ල පිහිටා ඇති ඉඩම අයත්වන ආයතනය කවරේද;
(ii) එම ගොඩනැගිල්ල ඉදිකර ඇති ඉඩම දීර්ඝකාලීනව බද්දට ලබා දී තිබේද;
(iii) එම ගොඩනැගිල්ලෙහි වර්තමාන අයිතිකරු කවරෙක්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) එම ගොඩනැගිල්ල —
(i) ඉදිකිරීම සඳහා අනුමතිය, නිසි ක්‍රමවේදය අනුව කරෛච්චි ප්‍රාදේශීය සභාවෙන් ලබාගෙන තිබේද;
(ii) රජයේ වියදමින් ඉදිකරනු ලැබුවේ නම්, මිලගණන් කැඳවු ආකාරය පිළිබඳ විස්තර කවරේද;
(iii) ඉදිකිරීමට දරන ලද පිරිවැය කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-09-22
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) කිලිනොච්චියේ පිහිටා ඇති සීමාසහිත ලංකා සතොස වාණිජ ගොඩනැඟිල්ල සඳහා නාගරික සංවර්ධන අධිකාරියෙන් සංවර්ධන බලපත්‍රයක් ලබා දී ඇත.
(ආ) (i) උතුරු පළාත් ඉඩම් පරිපාලන දෙපාර්තමේන්තුව විසින් සී/ස ලංකා සතොස සමාගම එවකට අයත්ව තිබූ වෙළෙඳ අමාත්‍යාංශයේ පූර්වගාමී අමාත්‍යාංශයක් වූ සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය වෙත පවරා දී ඇත.
(ii) අමාත්‍යාංශයට අයත් රාජ්‍ය දේපළකි.
(iii) වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින සී/ස ලංකා සතොස සමාගම.
(ඇ) (i) නාගරික සංවර්ධන අධිකාරිය නිසි ක්‍රමවේදය අනුව අවසර ලබා දී ඇත.
(ii) සී/ස ලංකා සතොස සමාගමේ වියදමින් වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත.
(iii) සම්පූර්ණ වියදම රුපියල් 272,721,536.71කි.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2020-09-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks