පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
162/2020 ගරු එස්.එම්. මරික්කාර් මහතා,— ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි; (i) ජල; (ii) මලාපවාහන; පහසුකම් නොමැති නිවාස සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) එම එක් එක් නිවාස ඒකක සඳහා ඉහත පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙළ වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-06
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
ජල සම්පාදන පහසුකම්
2012 ජන හා නිවාස සංගණනයට අනුව තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි මුළු නිවාස සංඛ්‍යාව 52,285කි. අනවසර ඉදිකිරීම් නොවන සියලු නිවාස සඳහා ජල සැපයුම් ලබා දී ඇත. මේ වන විට නිවාස 50,040කට ජල සම්බන්ධතා ලබා දී ඇත.
මලාපවහන පහසුකම්
තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මලාපවහන පද්ධතියේ අයිතිය හා නඩත්තුව කොළඹ මහනගර සභාව විසින් සිදු කරනු ලබයි.
ඒක ඔබතුමා දන්නවා.
(ආ) ඔව්.
(ඇ) තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවෙකු සඳහා දැනට මණ්ඩලය තුළ ක්‍රියාත්මක සාමාන්‍ය ක්‍රමවේදය යටතේ නව ජල සම්බන්ධතාවක් ලබා ගැනීමේ හැකියාව පවතී.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-10-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks