01

E   |     |  

 දිනය: 2020-09-23   පිළිතුර ලබා දී ඇත 

0157/2020: කොළොන්නාව ප්‍රාලේ කොට්ඨාසය: සංවර්ධනය නොකළ බෝක්කු

157/2020

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කොළොන්නාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ඇතැම් ප්‍රදේශ පැය කිහිපයක වර්ෂාපතනයකින් පවා වැසි ජලයෙන් යටවන බවත්;

(ii) මේ හේතුවෙන් මාර්ගවල වතුර පිරී, ජන ජීවිතය අඩාළ වන බවත්;

(iii) වැසි ජලය බැසයාමේ නිසි ක්‍රමවේදයක් නොමැති වීම මෙම තත්ත්වයට ප්‍රධානම හේතුව බවත්;

(iv) මෙයට පිළියම් ලෙස ප්‍රධාන බෝක්කු 25ක් සංවර්ධනය කිරීමට පසුගිය රජයේ අනුමතිය ලබා දෙන ලද අතර ඉන් පහක වැඩ පසුගිය රජයේ පාලන කාලය තුළදී නිම කළ බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත බෝක්කු 25 අතරින් මෙතෙක් සංවර්ධනය කිරීමට නොහැකි වූ බෝක්කු සංවර්ධනය කිරීම සඳහා මෙම රජයේ වැඩපිළිවෙළක් තිබේද;

(ii) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2020-09-23

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      දනිමි.

              (ii)      දනිමි.

             (iii)      දනිමි.

             (iv)      දනිමි. කෙසේ වෙතත් මෙය ප්‍රමාණවත් විසඳුමක් නොවෙයි.

(ආ)         (i)      ඔව්.

              (ii)      ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් කොළොන්නාව ප්‍රදේශය වැසි ජලයෙන් යටවීම අවම කිරීම සඳහා ක්‍රමවත් ජලාපවහන සැලැස්මක් කොළොන්නාව වැසිජල අපවහනය සහ පාරිසරික වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ යෝජනා කර ක්‍රියාත්මක කරමින් පවතී.

(ඇ) අදාළ නැත.

 

පිළිතුරු දුන් දිනය

2020-09-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) නාලක ගොඩහේවා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks