04

E   |     |  

 දිනය: 2020-11-03   පිළිතුර ලබා දී ඇත 

0149/2020: කුඩාබුත්ගමුව ශ්‍රී රාජසිංහ විද්‍යාලය: කාර්ය මණ්ඩල පුරප්පාඩු

149/2020 ගරු එස්. එම්. මරික්කාර් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) කොළොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි එකම මිශ්‍ර ජාතික පාසල වන කුඩාබුත්ගමුව ශ්‍රී රාජසිංහ විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ඉතිහාසය, පුරවැසි අධ්‍යාපනය, නාට්‍ය හා රංග කලාව යන විෂයයන් සඳහා ගුරු පුරප්පාඩු 02 බැගින්ද, දෙමළ භාෂාව, චිත්‍ර කලාව, තොරතුරු තාක්ෂණය, මාධ්‍ය, භෞතික විද්‍යාව, කෘෂි විද්‍යාව‍, ජෛව පද්ධති තාක්ෂණ විද්‍යාව, ගිණුම්කරණය, සන්නිවේදන හා මාධ්‍ය, බෞද්ධ ශිෂ්ටාචාරය යන විෂයයන් සඳහා ගුරු පුරප්පාඩු 01 බැගින්ද, ශිෂ්‍ය උපදේශනය, ගුරු පුස්තකාල තනතරුවල පුරප්පාඩු 01 බැගින් ද පවතින බවත්; (ii) අනධ්‍යයන කාර්ය මණ්ඩලය තුළද සනීපාරක්ෂක කම්කරු, උද්‍යාන කම්කරු සහ සාමාන්‍ය කම්කරු තනතුරුවල පුරප්පාඩු 02 බැගින්ද, විද්‍යාගාර සහායක තනතුරේ පුරප්පාඩු 03 ක් ද, කළමණාකරණ සහකාර තනතුරේ පුරප්පාඩු 01ක් ද පවතින බවත්; එතුමා දන්නෙහිද? (ආ) ඉහත සඳහන් පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශයට ඇති සැලසුම් සහ එම පුරප්පාඩු පුරවන ලබන නිශ්චිත දින වකවානු කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-03

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරමින් සිටී.

              (ii)      පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරමින් සිටී.

(ආ)     මෙම පුරප්පාඩු 2021 වාර්ෂික ස්ථාන මාරුවීම් මඟින් පිරවීමට කටයුතු කරනු ලැබේ.

           ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරි ගුරුවරුන් ස්ථානගත කිරීමේ වැඩ පිළිවෙළ - 2020 යටතේ මෙම පාසලට අපොස (සා.පෙළ) පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ලැබේ.

දැනට ජාතික මට්ටමින් රැකියා විරහිත උපාධිධාරින් 50,000ක් පමණ පුහුණු කිරීමේ වැඩ පිළිවෙළක් ද ක්‍රියාත්මක වේ. එය අවසන්ව පත්වීම් ලබා දීමේදී මෙම පාසලට අපොස (උ.පෙළ) පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට ද අපි වැඩ පිළිවෙළ සකස් කර තිබෙනවා.

මේ පියවර දෙකට  අමතරව ගරු කථානායකතුමනි, දැනට සිදු කරනු ලබන වාර්ෂික ගුරු ස්ථාන මාරු යටතේ පුරප්පාඩු හැකි උපරිම මට්ටමින් සම්පූර්ණ කෙරෙමින් පවතී. ගුරු භවතුන් ලැබෙන අයුරින් මෙම පුරප්පාඩු පිරවීමට අඛණ්ඩව කටයුතු කිරීමට අපි අදහස් කරනවා.

2020.12.31වන විට මෙම ගරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අපේක්ෂිතය.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2020-12-01

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks