පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
132/2020
ගරු චමින්ද විජේසිරි මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ පිහිටා ඇති රජය සතු සහල් ගබඩා කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) එම මධ්‍යස්ථාන පිහිටි ස්ථාන කවරේද;
(iii) 2015 සිට මේ දක්වා එම එක් එක් මධ්‍යස්ථානයේ ගබඩා කරනු ලැබූ සහල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම මධ්‍යස්ථාන අතරින් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අත්හැර දමා ඇති මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;
(v) ඒවායේ නම් කවරේද;
(vi) එම මධ්‍යස්ථාන නැවත විවෘත කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-22
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතේ සහල් ගබඩා 119ක් ඇත.
(ii) එම මධ්‍යස්ථාන පිහිටි ස්ථාන ඇමුණුම 01හි දක්වා ඇත.
(iii) ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් දැනට මෙම ගබඩාවල සහල් ගබඩා කර නොමැති අතර දිස්ත්‍රික් ලේකම්වරුන් සහල් ගබඩා කිරීමටද වී අලෙවි මණ්ඩලය මඟින් වී ගබඩා කිරීමටද මෙම ගබඩා යොදා ගෙන ඇත. විස්තර ඇමුණුම 02හි දක්වා ඇත.
ඇමුණුම් 01 සහ 02 සභාගත* කරමි.
(iv) දෙකයි.
(v) 01. වවුනියාව අංක 02 ගබඩාව
02. පල්ලෙකැලේ ගබඩාව
(vi) 01. වවුනියාව ගබඩාව යුද්ධය පැවැති සමයේ විනාශ වී ඇත. එය අලුත්වැඩියා කිරිමට නොහැකි තත්ත්වයට පත් වී තිබෙන නිසා අලුතින් ගබඩාවක් ඉදිකිරීමට බලාපොරොත්තු වේ.
02. පල්ලෙකැලේ ගබඩාව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතේ පැවැති කාලයේ අබලන් තත්ත්වයේ පැවතියද මේ වන විට සිවිල් ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගබඩාවේ අලුත්වැඩියා කටයුතු සිදුකොට එම දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා භාවිත කරනු ලබයි. මෙම ඉඩමද ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දේපළකි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-01-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks