පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
130/2020
ගරු චමින්ද විජේසිරි මහතා,— රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ මේ වනවිට ක්‍රියාත්මක වන මහ නගර සභා සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවායේ නම් කවරේද;
(iii) එම මහ නගර සභා අතරින් කසළ ඉවත් කිරීම පෞද්ගලික ආයතන වෙත භාර දී ඇති මහ නගර සභාවල නම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මහ නගර සභාවල කසළ ඉවත් කිරීම භාරගත් පෞද්ගලික සමාගම්වල නම් කවරේද;
(ii) 2015 වර්ෂයේ සිට මේ දක්වා ඉහත සමාගම් වෙත ගෙවා ඇති මුදල කොපමණද;
යන්නත් වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) එම පළාත් පාලන ආයතනවල සේවකයන් යොදවා සිය පළාත් පාලන බලප්‍රදේශයේ කසළ ඉවත් කරවීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්න වැඩිදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-20
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 24යි.
(ii) 1. කොළඹ මහ නගර සභාව
2. දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
3. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව
4. කඩුවෙල මහ නගර සභාව
5. මොරටුව මහ නගර සභාව
6. මීගමුව මහ නගර සභාව
7. ගම්පහ මහ නගර සභාව
8. මහනුවර මහ නගර සභාව
9. දඹුල්ල මහ නගර සභාව
10. මාතලේ මහ නගර සභාව
11. නුවරඑළිය මහ නගර සභාව
12. ගාල්ල මහ නගර සභාව
13. මාතර මහ නගර සභාව
14. හම්බන්තොට මහ නගර සභාව
15. යාපනය මහ නගර සභාය
16. මඩකලපුව මහ නගර සභාව
17. කල්මුණේ මහ නගර සභාව
18. අක්කරපත්තු මහ නගර සභාව
19. කුරුණෑගල මහ නගර සභාව
20. අනුරාධපුර මහ නගර සභාව
21. පොළොන්නරුව මහ නගර සභාව
22. බදුල්ල මහ නගර සභාව
23. බණ්ඩාරවෙල මහ නගර සභාව
24. රත්නපුර මහ නගර සභාව
(iii) ඔව්. පහත සඳහන් කර ඇත.
1. කොළඹ මහ නගර සභාව
2. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව
3. කඩුවෙල මහ නගර සභාව
4. මීගමුව මහ නගර සභාව
5. යාපනය මහ නගර සභාව
|
අනු අංකය |
මහ නගර සභාව |
කසළ ඉවත් කිරීම භාරගත් පෞද්ගලික ආයතනයේ නම |
|
01 |
කොළඹ මහ නගර සභාව |
1. අබාන්ස් එන්වයර්මෙන්ටල් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් 2. ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් 3. කෙයාර්ක්ලීන් ප්‍රයිවට් ලිමිටඩ් 4. බර්න්ස් ට්‍රේඩින් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් |
|
02. |
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව |
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් |
|
03 |
කඩුවෙල මහ නගර සභාව |
1. ජී.එෆ්.සී. මැෂිනරි (පුද්) සමාගම 2. සෙවන් ස්ටාර් සුපර් සර්විස් 3. ඒ.ආර්.ඒ. සැපයුම්කරුවෝ 4. ජේ.එම්.එස්. ට්‍රාන්ස්පෝර්ට් 5. ප්‍රියන්ත සප්ලයර්ස් 6. ඩබ්ලිව්.එල්.බිල්ඩර්ස් 7. ඩී.ඒ.පී. බිල්ඩර්ස් 8. එල්.ජී.ටී. සප්ලයර්ස් ඊට අමතරව පහත සඳහන් කළ පුද්ගල නාමයන් යටතේ ගිවිසුම්ගත වී ඇත. 1. කේ.ජී. නදීශා දමයන්ති 2. ඩබ්.එම්.එන්. විජිත පෙරේරා 3. යූ.එල්. පෙරේරා 4. ඩබ්.ඩී. දයානන්ද 5. චන්දිම තුෂාර 6. නලින්ද පුෂ්පකුමාර 7. ජී. ලසන්ත මධුරසිරි 8. ඩබ්ලිව්.කේ.පී. ඩයස් 9. එච්.එම්.ඒ හේරත් 10. ඩී.එන්. මුණසිංහ 11. පී.කේ.එස්.ටී. ඉන්දික 12. ඩී.එම්. සුනිල් 13. තුෂාර මංගල විජේතුංග 14. එම්.ආර්. සමන්ත පෙරේරා |
|
04 |
මීගමුව මහ නගර සභාව |
සෙවන් හීල්ස් |
|
05 |
යාපනය මහ නගර සභාව |
පුද්ගලික හිමිකරු - සෙල්ලන් ජෙගදීස්වරන් මහතා |
(ආ) (i)
(ii) ඔව්. ඇමුණුම 01, 02 සහ 03හි දක්වා ඇත.
ඇමුණුම 01, 02 සහ 03 සභාගත* කරමි.
(ඇ) ඔව්. අවශ්‍යතා ඇති පළාත් පාලන ආයතනවලට තාක්ෂණික උපදෙස්, උපකරණ හා අනිකුත් යටිතල පහසුකම් මෙම අමාත්‍යාංශයේ පිහිටුවා ඇති ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහායක මධ්‍යස්ථානය මඟින් ලබා දෙනු ලැබේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-04-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රොෂාන් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks