02

E   |     |  

 දිනය: 2020-10-07   පිළිතුර ලබා දී ඇත 

0129/2020: පල්ලිමු‍නෛ ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය: කඩිනම් කිරීම

129/2020

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා,— තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      මන්නාරම දිස්ත්‍රික්කයේ, මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පල්ලිමු‍නෛ ග්‍රාමයේ පිහිටි ක්‍රීඩා පිටියේ ප්‍රතිසංස්කරණ කටයුතු, එවක මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද නමුත්, පසුගිය අවුරුදු පහකට අධික කාලය තුළ එය අවසන් කර නොමැති බවත්; 

  (ii) එම  ක්‍රීඩා පිටිය  ප්‍රතිසංස්කරණය කළ කොන්ත්‍රාත්කරුගේ ජල හා විදුලි සම්බන්ධතා වෙනුවෙන් වූ අධික හිඟ මුදල් ප්‍රමාණය හේතුවෙන් එම  සම්බන්ධතාවයන් විසන්ධි කර ඇති බවත්; 

(iii) එම ක්‍රීඩා පිටියේ ඉතිරි වැඩකටයුතු අවුරුද්දක් තුළ ආරම්භ කරන බවට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් කිහිපවරක්ම තමන්ට පොරොන්දු වූ නමුත්, මේ වනතුරු එම ඉතිරි වැඩකටයුතු ආරම්භ කර නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙම  පල්ලිමුනෛ  ක්‍රීඩා පිටියේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නේද;

(ii) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-10-07

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ හා ක‍්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මන්නාරම දිස්ත්‍රික්කයේ, මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පල්ලිමු‍නෛ ග්‍රාමයේ පිහිටි ක්‍රීඩා පිටියේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධ ව්‍යාපෘතිය මෙම අමාත්‍යාංශය මඟින් හෝ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක් නොවේ. එසේම මේ සඳහා කිසිදු ප්‍රතිපාදන දායකත්වයක් හා තාක්ෂණික සේවාවක් සපයා නොමැත. එබැවින්, අදාළ නොවේ.

  (ii) පැන නොනඟී.

(iii) පැන නොනඟී.

(ආ) (i) පැන නොනඟී.

(ii) පැන නොනඟී.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2020-10-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks