පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
128/2020
ගරු චාල්ස් නිර්මලනාදන් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මන්නාරම දිස්ත්‍රික්කයේ, මන්නාරමට අයත් තාල්වුපාඩු ප්‍රදේශයේ පිහිටා තිබූ සංස්කෘතික මධ්‍යස්ථානය, යුද්ධය පැවති කාලවකවානුවේදී මන්නාරම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ භාවිතය සඳහා යොදවාගෙන තිබී, හානියට පත්වීම හේතුවෙන්, 2018 වර්ෂයේ අයවැය ලේඛනයෙන් මෙලෙස හානියට පත්වූ සංස්කෘතික මධ්‍යස්ථානය වෙනුවට නව සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 25ක මුදලක් වෙන් කළ බවත්;
(ii) මෙම සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා එවක සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඍජුවම එම ප්‍රදේශයට ගොස් ඒ සඳහා අවශ්‍ය භූමි භාගය හඳුනාගෙන එවක සංස්කෘතික අමාත්‍යාංශයට එකී ඉඩමේ බලපත්‍රය පවරාගැනීමට අවශ්‍ය කටයුතු සිදු කළ බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එසේ නම්, මෙම නව සංස්කෘතික මධ්‍යස්ථානයේ වැඩකටයුතු ආරම්භ කරනු ලබන දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද ?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-06
අසන ලද්දේ
ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2018 වර්ෂයේ දී මෙම සංස්කෘතික මධ්‍යස්ථානය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා රුපියල් මිලියන 25ක මුදලක් වෙන් වී තිබූ නමුත්, හානියට පත් වූ සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටි ඉඩම සහ ගොඩනැගිල්ල පෞද්ගලික අයිතියට යටත් ව තිබූ නිසා රජයේ මුදල් වැය කර එම ඉදිකිරීම් කටයුතු සිදු කළ නොහැකි විය.
(ii) ඔව්.
එවකට අමාත්‍යාංශ ලේකම් සහ අමාත්‍යාංශයේ අදාළ නිලධාරින් එම ප්‍රදේශය සෘජුව ම නිරීක්ෂණය කොට අවශ්‍ය ඉඩම අමාත්‍යාංශය වෙත පවරා ගැනීමට අදාළ කටයුතු සිදු කරමින් පවතී.
(ආ) ඔව්.
නව ඉදිකිරීම් සිදු කිරීම වසර තුනක් යන තෙක් අත් හිටුවීමට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. (ඇමුණුම - අංක 05/2020 දරන ජාතික අය වැය චක්‍රලේඛය) අදාළ චක්‍රලේඛ සංශෝධනය වීමෙන් පසු හා ඉඩම් අමාත්‍යාංශය වෙත පවරා ගැනීමෙන් අනතුරුව ඉදි කිරීම් කටයුතු ආරම්භ කළ හැක. ඇමුණුම සභාගත* කරමි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-10-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks