පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
127/2020
ගරු චාල්ස් නිර්මලනාදන් මහතා,— මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උතුරු පළාතේ පැවති යුදමය වාතාවරණය අවසන් වී වසර දහයක් ගත වුවද මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කිළිනොච්චි - මුලතිව් A50 ප්‍රධාන මාර්ගයේ ඇති ප්‍රධාන පාලම වන මීටර 402ක් දිග වට්ටුවාකල් පාලම මෙතෙක් කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොකොට එක් වාහනයක් පමණක් ගමන් කළ හැකි පරිදි අබලන් වූ කුඩා පාරක් ලෙස තිබෙන හෙයින් ගමනාගමනයට බාධාවන් ඇති බවත්;
(ii) පසුගිය පාලන සමයේ දී මේ පිළිබඳව මවිසින් බොහෝ අවස්ථාවල මෙම සභාවේ සඳහන් කළ නමුත්, ඒ පිළිබඳව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එසේ නම්, ඉහත වට්ටුවාකල් පාලම ද්විත්ව තීරු මාර්ගයක් ලෙස ප්‍රතිසංස්කරණය කොට ජනතාවට සාමාන්‍ය පරිදි ගමනාගමනය සඳහා විවෘත කරනු ලබන දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-09-25
අසන ලද්දේ
ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) අදාළ නොවේ.
(ආ) දැනට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම පාලමේ සැලසුම සකස් කරමින් පවතින අතර, එය අවසන් වූ පසු එම පාලම නැවත ඉදිකිරීම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමෙන් අනතුරුව, ඉදිකිරීම් ආරම්භ කර වසර දෙකකින් නිම කිරීමට බලාපොරොත්තු වෙනවා.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2020-10-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks