බලන්න

04

E   |     |  

 දිනය: 2020-09-24   පිළිතුර ලබා දී ඇත 

0120/2020: බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ පිවිසුම් මාර්ගය සංවර්ධනය: කොන්ත්‍රාත්තුව

120/2020 ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ පිවිසුම් මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව ලබා දී ඇති ආයතනය කවරේද; (ii) ඉහත ආයතනයට එම කොන්ත්‍රාත්තුව පිරිනමා ඇති ක්‍රමවේදය කවරේද; (iii) ඒ සඳහා වෙන් කර ඇති මුදල කොපමණද; (iv) එම කොන්ත්‍රාත්තුව නිම කිරීම සඳහා ලබාදී ඇති කාලය කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-09-24

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       මාර්ග සංවර්ධන අධිකාරිය.

              (ii)       එවකට තිබූ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය විසින් කැබිනට් අනුමැතිය ලබා ගෙන මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දී ඇත.

             (iii)      රුපියල් මිලියන 2,225යි.

                        මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ලබා දුන් තොරතුරු අනුව, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය විසින් පහත පරිදි මුදල් ලබා දී ඇත.

2018 -  රුපියල් මිලියන 100

2019 - රුපියල් මිලියන 250

2020 - රුපියල් මිලියන 200 (පළමු කාර්තුව)

(iv) ඉඩම් අත්පත් කර ගැනීමේ ප්‍රගතිය අනුව 2020 වර්ෂය තුළ.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2020-10-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks