පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
114/2020 ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති එක් එක් ගම්මාන අතරින්; (i) පානීය ජල ගැටලුව ඇති; (ii) වගාවන්ට අවශ්‍ය ජලය නොමැතිව පීඩා විඳින; ගම්මාන සංඛ්‍යාව හා ඒවායේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?; (ආ) එම එක් එක් ගමේ ජීවත් වන පවුල් සංඛ්‍යාව කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජල ගැටලුව විසඳීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්න වැඩිදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-09-22
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති ග්‍රාම නිලධාරි වසම් 1,610 අතුරින් පානීය ජල ගැටලුව ඇති ග්‍රාම නිලධාරි වසම් 999ක් හඳුනාගෙන ඇත. එම ග්‍රාම නිලධාරි වසම් පිළිබඳ විස්තර ඇමුණුම I හි ඇති (1.1) වගුව මඟින් දක්වා තිබෙනවා.
(ii) මෙම අමාත්‍යාංශයේ විෂයය ක්ෂේත්‍රයට අදාළ ප්‍රශ්නයක් නොවේ. එය වාරි ජලය පිළිබඳ ප්‍රශ්නයක්. එම ප්‍රශ්නයට අපට උත්තර දෙන්න බැහැ. එම ප්‍රශ්නය වාරිමාර්ග අමාත්‍යාංශයෙන් අහන්න ඕනෑ.
(ආ) මෙම අමාත්‍යාංශයේ විෂයය ක්ෂේත්‍රයට අදාළ නොවේ. ඔබතුමා, එම එක් එක් ගමේ ජීවත් වන පවුල් සංඛ්‍යාව පිළිබඳවයි අසා තිබෙන්නේ.
(ඇ) කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජල ගැටලුව විසඳීම සඳහා අමාත්‍යාංශය විසින් ජල සම්පාදන ව්‍යාපෘති ආරම්භ කර ඇති අතර, එම ව්‍යාපෘති අවසන් කිරීමෙන් පසු ජල ගැටලුව සම්පූර්ණයෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වේ.
* ඉදිරියේදී ආරම්භ වීමට නියමිත ජල සම්පාදන ව්‍යාපෘති පිළිබඳ විස්තර ඇමුණුම් IIහි (1.2) වගුව තුළ දැක්වේ.
* දැනට ඉදි කරමින් පවතින ව්‍යාපෘති පිළිබඳ විස්තර ඇමුණුම් IIIහි (1.3) වගුව මඟින් දැක්වේ. මම මේ ඇමුණුම් සියල්ල සභාගත* කරනවා.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-09-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks