01

E   |     |  

 දිනය: 2020-09-24   පිළිතුර ලබා දී ඇත 

0113/2020: Appontment of Jiutices -i-n Peace

113/2020

ගරු ශාන්ත බණ්ඩාර මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       අධිකරණ අමාත්‍යාංශය මගින් සාමදාන විනිශ්චයකාර පත්වීම් ලබා දෙන බවත්;

            (ii)       එකී සාමදාන විනිශ්චයකාරවරුන් විශාල සමාජ මෙහෙවරක් ඉටුකරන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) සාමදාන විනිශ්චයකාරවරුන් පත්කිරීමේදී අවශ්‍ය වන අවම අධ්‍යාපන සුදුසුකම් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) අ.පො.ස (සා.පෙළ) අධ්‍යාපන සුදුසකම් ඇති විශාල සමාජ සේවකයන් ග්‍රාමීය වශයෙන් සිටින බව එතුමා පිළිගන්නෙහිද?

(ඈ) එවැනි සමාජ සේවකයන්ට සාමදාන විනිශ්චයකාර තනතුරු ලබා දෙන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-09-24

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

(ආ)     අවම සුදුසුකමක් නැත.

           ඉදිරියේදී වයස අවුරුදු 60ට අඩු සාම විනිසුරු පත් කිරීම්වලදී අපොස (සා.පෙළ) සමත්වීම සලකා බලන අතර, වයස අවුරුදු 60ට වැඩි අවස්ථාවලදී ඔවුන් දැනට යෙදෙන සමාජ සේවා සැලකිල්ලට ගෙන විකල්ප අධ්‍යාපන සුදුසුකම් සලකා බැලීමට තීරණය කර ඇත.

(ඇ)     ඔව්.

(ඈ)     ඔව්.

(ඉ)      අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2020-09-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අලි සබ්රි රහීම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks