04

E   |     |  

 දිනය: 2020-09-22   පිළිතුර ලබා දී ඇත 

0111/2020: 2019 ශිෂ්‍යත්ව විභාගය: ශිෂ්‍යාධාර

111/2020

ගරු ශාන්ත බණ්ඩාර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      අඩු ආදායම්ලාභී පවුල්වල 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන පාසල් සිසුන්ට ශිෂ්‍යාධාර ලබා දෙන බව එතුමා දන්නෙහිද?

(ආ)        (i)       2019 වර්ෂයේදී 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව ශිෂ්‍යාධාර ලබන පාසල් සිසුන් සංඛ්‍යාව කොපමණද;

(ii) ඔවුන්ට ශිෂ්‍යාධාර ලබා දීම සඳහා කොපමණ මුදලක් වෙන්කර තිබේද;

(iii) එම මුදලින් නිසියාකාරව ශිෂ්‍යාධාර මුදල් ලබා දී තිබේද;

(iv) 2020 වර්ෂය සඳහා ශිෂ්‍යාධාර වෙනුවෙන් කොපමණ මුදලක් වෙන්කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) ශිෂ්‍යාධාරලාභීන්ට නිසි කලට වේලාවට ශිෂ්‍යාධාර ලබා දී නොමැති බවට ඇති චෝදනා එතුමා පිළිගන්නෙහිද? 

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2020-09-22

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

(ආ)         (i)      සිසුන් 20,000කි.

              (ii)      2019 වර්ෂයේදී 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව 2020 වර්ෂයේ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සඳහා මෙම වසරේදී රුපියල් 150,000,000.00 (මිලියන 150)ක මුදලක් වෙන් කර ඇත.

             (iii)      ඔව්.

             (iv)      2020 වර්ෂයේ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට අමතරව 07 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් සඳහා රුපියල් 862,500,000.00 (මිලියන 862.5)ක මුදලක් වෙන් කර ඇත.

ඒ අනුව 2020 වර්ෂයේ සියලු  ශ්‍රේණිවල ශිෂ්‍යාධාරලාභි සිසුන් සඳහා ශිෂ්‍යාධාර ගෙවීම වෙනුවෙන් වෙන් කර ඇති මුළු මුදල රුපියල් 1,012,500,000.00 (මිලියන 1,012.5)කි.

(ඇ) නැත.

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2020-10-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks