01

E   |     |  

 දිනය: 2011-02-24   පිළිතුර ලබා දී ඇත 

0890/2011: Elephant clashes in Badulla District

0890/’10

ගරු හරින් ප්‍රනාන්දු මහතා,— ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ) (i) අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා විදුලි වැටවල් ඉදිකිරීමේ දී එය නියමිත ප්‍රමිතියකට අනුව සිදුවන්නේද;

    (ii) බදුල්ල දිස්ත්‍රික්කයේ රිදිමාලියද්ද, මහියංගනය, කන්දකැටිය, මීගහකිවුල, ඌව පරණගම හා හල්දුම්මුල්ල යන ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත විදුලි වැටවල් ඉදිකිරීම ආරම්භ කරන සහ අවසන් කරන දිනයන් කවරේද;

    (iii) එම විදුලි වැටවල් ඉදිකිරීම ආරම්භ කිරීමේ ප්‍රමාදයක් සිදුවන්නේද;

    (iv) එසේ නම් ඊට හේතු කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වල් අලි ප්‍රහාර නිසා සිදු වී ඇති අලාභ වලට වන්දි ගෙවීමේ ප්‍රමාදයක් සිදුවන බවත්;

      (ii) ඊට අදාළව දැනට ලබා දෙන වන්දි මුදල ප්‍රමාණවත් නොවන බවත්; එතුමා පිළිගන්නෙහිද?

(ඇ) එසේ නම් එම වන්දි ගෙවීම ඉක්මන් කිරීමටත් වන්දි මුදල් ප්‍රමාණය වැඩි කිරීමටත් සුදුසු වැඩ පිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2011-02-24

අසන ලද්දේ

ගරු හරීන් ප්‍රනාන්දු මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks