පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
107/2020 ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) විනාකිරි නිෂ්පාදනයට යොදා ගනු ලබන රාවල ගුණාත්මකභාවය නියාමනයට ක්‍රමවේදයක් තිබේද; (ii) එසේ නම්, එම ක්‍රමවේදය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) විනාකිරි නිෂ්පාදනය සඳහා කෘත්‍රිම රා යොදා ගන්නා බවත්; (ii) රසායනික විෂ සහිත මෙම කෘත්‍රිම රා භාවිතය ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් බවත්; එතුමා පිළිගන්නෙහිද? (ඇ) (i) විනාකිරි නිෂ්පාදනය සඳහා කෘත්‍රිම රා යොදා ගැනීම වැළැක්වීමට ගනු ලබන පියවර සඳහන් කරන්නේද; (ii) කෘත්‍රිම රාවලින් නිෂ්පාදනය කරනු ලබන විනාකිරි භාවිතා කිරීම හේතුවෙන් ඇතිවිය හැකි කෙටි කාලීන හා දිගු කාලීන රෝගාබාධයන් කවරේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-23
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්. විනාකිරි නිෂ්පාදනයට යොදා ගනු ලබන රාවල ගුණාත්මකභාවය නියාමනයට ක්‍රමවේද සකසා ඇත.
(ii) විනාකිරි නිෂ්පාදනයට යොදා ගනු ලබන රාවල ගුණාත්මකභාවය නියාමනයට දෙයාකාරයක ක්‍රමවේද සකසා ඇත.
පළමුවැනි ක්‍රමවේදය නම්, විනාකිරි නිෂ්පාදනාගාරයට ලැබෙන රා හෙවත් මහ රාවල ගුණාත්මකභාවය පිළිබඳ සැක සහිත අවස්ථාවලදී ඒවායේ නියැදි හෙවත් සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යවා ඒ පිළිබඳ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගෙන එම මහ රාවල ගුණාත්මකභාවය තහවුරු කර ගැනීමයි.
දෙවැනි ක්‍රමවේදය නම්, විනාකිරි නිෂ්පාදනාගාරයක් තුළදී නෙස්ට්ලර් නළ පරීක්ෂණය යොදා ගනිමින් සුරාබදු නිලධාරින් විසින් එම නිෂ්පාදනාගාරය තුළ විනාකිරි බවට පත් වෙමින් තිබෙන මහ රාවල ආම්ලිකතාව පිළිබඳව පරීක්ෂා කිරීමයි.
මෙම දෙයාකාර ක්‍රමවේද යොදා ගැනීමෙන් විනාකිරි නිෂ්පාදනයට යොදා ගනු ලබන රාවල ගුණාත්මකභාවය එම විනාකිරි නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර අවස්ථා දෙකකදී පරීක්ෂා කිරීමේ හැකියාව පවතී.
(ආ) (i) නැත.
2020 වර්ෂය තුළදී පොල් රා යොදා ගනිමින් විනාකිරි නිෂ්පාදනය සඳහා නිකුත් කර ඇත්තේ එක් සුරාබදු බලපත්‍රයක් පමණක් වන අතර, වර්තමානයේ විනාකිරි නිෂ්පාදනය සඳහා "කෘත්‍රිම රා" යොදා ගැනීම සම්බන්ධයෙන් කරුණු හෙළිදරවු වී නොමැත.
(ii) වර්තමානයේ විනාකිරි නිෂ්පාදනය සඳහා "කෘත්‍රිම රා" යොදා ගැනීම සම්බන්ධයෙන් කරුණු හෙළිදරවු වී නොමැති හෙයින් අදාළ නොවේ.
(ඇ) (i) වර්තමානයේ විනාකිරි නිෂ්පාදනය සඳහා කෘත්‍රිම රා යොදා ගැනීම සම්බන්ධයෙන් කරුණු හෙළිදරවු වී නොමැති හෙයින් අදාළ නොවේ.
(ii) වර්තමානයේ විනාකිරි නිෂ්පාදනය සඳහා කෘත්‍රිම රා යොදා ගැනීම සම්බන්ධයෙන් කරුණු හෙළිදරවු වී නොමැති හෙයින් අදාළ නොවේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2020-11-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks